“කවරෙකු මෙලොවෙහි සේද රෙදි ඇන්දේ ද මතුලොවෙහි ඔහු එය කිසිවිටෙක අඳින්නේ නැත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු මෙලොවෙහි සේද රෙදි ඇන්දේ ද මතුලොවෙහි ඔහු එය කිසිවිටෙක අඳින්නේ නැත.”
«مَنْ لَبِسَ الحَرِيرَ فِي الدُّنْيَا لَمْ يَلْبَسْهُ فِي الآخِرَةِ».
පිරිමින් අතරින් කවරෙකු හෝ මෙලොව ජීවිතයේ සේද රෙදි අදින්නේ ද ඔහු ඒ ගැන පශ්චාත්තාපයේ නොවූයේ නම්, ඔහුට නියම වන දඬුවමක් වශයෙන් මතුලොවෙහි ඔහු ඒවා පළඳින්නේ නැත.
මෙහි සේද රෙදි යනුවෙන් අදහස් කරනුයේ ස්වභාවික පිරිසිදු සේද රෙදි ය. කෘතිම සේද රෙදි මෙම හදීසය තුළට ඇතුළත් වන්නේ නැත.
සේද රෙදි ඇඳීම පිරිමි පාර්ශවයට තහනම් කර ඇත.
සේද රෙදි ඇඳීමේ තහනම් අඳින්නට පමණක් නොව, එය පැළඳීමට ද අදාළ වන්නේය.
ඇඳුමක වාටියක හෝ එහි ලාංචනයක් ලෙස හෝ ඇඟිලි දෙක සිට හතරක් දක්වා පළල නොඉක්මවන තරමට පිළියල කර ඇති ඇදුම් ඇදීමට පිරිමි පාර්ශවයට අවසර දී ඇත.
සහීහුුල් බුහාරි (7/ 150) (5834).
සහීහ් මුස්ලිම් (3/ 1641) (2069).
තවත් බලන්න (2)
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (4/ 207).