Skip to content

“ඔබ සවස් කාලයට එළැඹෙන විට හා උදෑසන කාලයට එළැඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්‍රමාණවත් වනු ඇත යැයි පැවසූ බවට ප්‍රකාශ කර සිටියේය

අබ්දුල්ලාහ් ඉබ්නු හුඃබෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

අපි වැසි සහිත ඝනාඳුරු රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව සොයමින් පිටත්ව ගියෙමු. එය එතුමාණන් අපට සලාතය මෙහෙය වීම පිණිසය. හෙතෙම, මම එතුමණන්ව මුණ ගැසුණෙමි. එවිට එතුමා 'පවසනු' යැයි පැවසූහ. මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. පසුව ද මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. මා පැවසිය යුත්තේ කුමක් දැයි මම විමසුවෙමි. එතුමාණෝ: “ඔබ සවස් කාලයට එළැඹෙන විට හා උදෑසන කාලයට එළැඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්‍රමාණවත් වනු ඇත යැයි පැවසූ බවට ප්‍රකාශ කර සිටියේය.

خَرَجْنَا فِي لَيْلَةٍ مَطِيرَةٍ وَظُلْمَةٍ شَدِيدَةٍ، نَطْلُبُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ؛ يُصَلِّي لَنَا، قَالَ: فَأَدْرَكْتُهُ، فَقَالَ: «قُلْ»، فَلَمْ أَقُلْ شَيْئًا، ثُمَّ قَالَ: «قُلْ»، فَلَمْ أَقُلْ شَيْئًا، قَالَ: «قُلْ»، فَقُلْتُ: مَا أَقُولُ؟ قَالَ: «{قُلْ هُوَ اللهُ أَحَدٌ} وَالْمُعَوِّذَتَيْنِ حِينَ تُمْسِي وَتُصْبِحُ ثَلَاثَ مَرَّاتٍ، تَكْفِيكَ مِنْ كُلِّ شَيْءٍ».

මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කීර්තිමත් සහාබිවරයකු වන අබ්දුල්ලාහ් ඉබ්නු හුඃබෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා පවසයි. ඔවුන් අධික වැසි සහිත ඝනාඳුරු රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සොයමින් පිටත්ව ගියෝය. එය එතුමාණන් ඔවුනට සලාතය මෙහෙය වීම පිණිසය. එවිට ඔවුහු එතුමාණන්ව මුණ ගැසුණෝය. එවිට එතුමාණෝ 'පවසනු' එනම් 'කියවනු' යැයි ඔහුට පැවසූහ. නමුත් ඔහු කිසිවක් කියෙව්වේ නැත. එම ප්‍රකාශයම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට නැවත නැවතත් පවසා සිටියහ. එවිට අබ්දුල්ලාහ්: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා කියවිය යුත්තේ කුමක් දැ?'යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උදෑසන කාලයේ හා සවස් කාලයේ ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (කුල් අඌදු බිරබ්බිල් ෆලක් සහ කුල් අඌදු බිරබ්බින් නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. එය සියලු උවදුරුවලින් ඔබව ආරක්ෂා කරනු ඇත. සියලු නපුරුකම්වලින් ඔබව මුදවනු ඇත.' යැයි පැවසුහ.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

උදෑසන හා සවස සූරා අල්-ඉක්ලාස් සහ මුඅව්විදතයින් පාරායනය කිරීම සතුටු දායකය. සැබැවින්ම එය සියලු හානියෙන් ආරක්ෂාව සළසයි.

සූරා අල්-ඉක්ලාස් සහ මුඅව්විදතයින් පාරායනය කිරීමේ මහිමය.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (7/ 415) (5082).

සුනන් අත් තිර්මිදි (5/ 535) (3575).

සුනන් අන් නසාඊ (8/ 250) (5428).

(2/ 996).

තවත් බලන්න (5)

نزهة المتقين شرح رياض الصالحين.

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (17/ 307).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 543).