සැබැවින්ම ඔබ ආගම් ලත් ජන පිරිසක් වෙත යන්නෙහිය. ඔබ ඔවුන් වෙත ගියෙහි නම් 'නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයා බවට සාක්ෂි දරන මෙන්'
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා යමන් දේශයට යැවූ අවස්ථාවේ එතුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම ඔබ ආගම් ලත් ජන පිරිසක් වෙත යන්නෙහිය. ඔබ ඔවුන් වෙත ගියෙහි නම් 'නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයා බවට සාක්ෂි දරන මෙන්' ඔවුනට ඇරයුම් කරන්න. ඒ සඳහා ඔවුන් ඔබට කීකරු වූයේ නම්, සැබැවින්ම අල්ලාහ් ඔවුනට සෑම දහවලකම රාත්‍රියකම වාර පහක් සලාතය අනිවාර්යය කර ඇති බව ඔවුනට දන්වා සිටින්න. එයට ද ඔවුන් ඔබට අවනත වූයේ නම්, සැබැවින්ම ඔවුන් අතර ධනවතුන්ගෙන් ලබා එය ඔවුන්ගේ දුප්පතුන්ට පිරිනමන දානය ඔවුනට අල්ලාහ් අනිවාර්යය කර ඇති බව දැනුම් දෙන්න. එයටත් ඔවුන් ඔබට අවනත වූයේ නම්, ඔවුන්ගේ ගෞරවණීය වස්තු පිළිබඳ ප්‍රවේසම් විය යුතුය. අසාධාරණයට ලක්වූවන්ගේ ප්‍රාර්ථනාවට ඔබ බියවන්න. සැබැවින්ම ඒ අතර හා අල්ලාහ් අතර කිසිදු තිරයක් නැත."
قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمُعَاذِ بْنِ جَبَلٍ، حِينَ بَعَثَهُ إِلَى الْيَمَنِ: «إِنَّكَ سَتَأْتِي قَوْمًا أَهْلَ كِتَابٍ، فَإِذَا جِئْتَهُمْ فَادْعُهُمْ إِلَى أَنْ يَشْهَدُوا أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، فَإِنْ هُمْ أَطَاعُوا لَكَ بِذَلِكَ، فَأَخْبِرْهُمْ أَنَّ اللهَ قَدْ فَرَضَ عَلَيْهِمْ خَمْسَ صَلَوَاتٍ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ، فَإِنْ هُمْ أَطَاعُوا لَكَ بِذَلِكَ، فَأَخْبِرْهُمْ أَنَّ اللهَ قَدْ فَرَضَ عَلَيْهِمْ صَدَقَةً تُؤْخَذُ مِنْ أَغْنِيَائِهِمْ فَتُرَدُّ عَلَى فُقَرَائِهِمْ، فَإِنْ هُمْ أَطَاعُوا لَكَ بِذَلِكَ، فَإِيَّاكَ وَكَرَائِمَ أَمْوَالِهِمْ، وَاتَّقِ دَعْوَةَ الْمَظْلُومِ، فَإِنَّهُ لَيْسَ بَيْنَهُ وَبَيْنَ اللهِ حِجَابٌ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා යමන් දේශයට, එහි වැසියන් අල්ලාහ් වෙත ඇරයුම් කරන කැඳවුම්කරුවකු හා ගුරුවරයකු ලෙස යැවූ කල්හි හෙතෙම කිතුනු ජන පිරිසක් මුණ ගැසෙන බවත් ඔවුන් වෙනුවෙන් සූදානම් විය යුතු බවත් ඔවුන් ඇරයුම් කිරීමෙහි දී වඩාත් වැදගත් දෑ පසුව වැදගත් දෑ යන අනුපිළිවෙලින් ආරම්භ කළ යුතු බවත් එතුමාණෝ ඔහුට පැහැදිළි කළහ. පළමු ව ප්‍රතිපත්තිය නිවැරදි කිරීම සඳහා හෙතෙම ඇරයුම් කර සිටියි: එය, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔවුන් සාක්ෂි දැරීමට සැලැස්වීමෙනි. හේතුව ඔවුන් ඉස්ලාමයට පිවිසෙන්නේ එමගිනි. එයට ඔවුන් අවනත වූ විටෙක ඔවුනට සලාතය ස්ථාපිත කරන මෙන් නියෝග කළහ. 'තව්හීද්' හෙවත් ඒක දේව ප්‍රතිපත්තියෙන් පසු වඩාත්ම වැදගත් වගකීම වනුයේ එයයි. ඔවුන් එය විධිමත්ව ඉටු කළ විටෙක, ඔවුන් අතර සිටින පොහොසතුන්ගේ ධනයෙන් සකාත් ලබා ඔවුන්ගේ දිළිඳුන් අතර භාරදෙන මෙන් ඔවුනට නියෝග කර සිටියහ. පසුව එම ධනයෙන් වඩාත් උතුම් දේ ගැනීමෙන් එතුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඒ අතරින් අනිවාර්යය වනුයේ මධ්‍යස්ත දෑය. පසුව අසාධාරණකම් කිරීමෙන් වැළකෙන මෙන් එතුමාණෝ ඔහුට අවවාද කළහ. එය, අසාධාරණයට ලක්වූවන්ගේ ශාපයට ඔහු ලක් නොවනු පිණිසය. සැබැවින්ම ඔහුගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නක් වේ.
...:
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බව සාක්ෂි දැරීමේ තේරුම වනුයේ: නැමදුම් කිරීම අල්ලාහ්ට පමණක් වෙන්කිරීම හා ඔහු හැර වෙනත් දෑ නැමදුම් කිරීම අත්හැර දැමීමය.
සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව සාක්ෂි දැරීමේ තේරුම වනුයේ: එතුමාණන් හා එතුමාණන් ගෙන ආ දෑ විශ්වාස කිරීම, එතුමාණන්ව සහතික කිරීම හා සැබැවින්ම එතුමා මිනිස් වර්ගයා වෙත එවන ලද අවසන් දූතයා බව විශ්වාස කිරීමය.
විද්වතෙකු සමග කතා කිරීම, නූගතෙකු සමග කතා කරන්නාක් මෙන් සමාන වන්නේ නැත. "ඔබ ආගම් ලද පිරිසක් වෙත යන්නෙහිය" යැයි තම ප්‍රකාශයෙන් නබි තුමාණෝ එතුමාව දැනුවත් කළේ එබැවිනි.
සැකකරන්නන්ගේ සැක දුරුකරලීම සඳහා මුස්ලිම්වරයෙකු තම ආගම පිළිබඳව දැනුවත් වීමේ වැදගත්කම. එය දැනුම සොයා යාමෙන් විය යුත්තකි.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ ඇවෑමෙන් පසු යුදෙව් හා කිතුනුවන්ගේ ආගම නිෂ්ඵල වීම. සැබැවින්ම ඔවුන් ඉස්ලාම් ආගම තුළට පිවිසෙන තෙක්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කරන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ජයග්‍රාහී පිරිස අතරට පත් වන්නේ නැත.
සහීහුුල් බුහාරි (2/ 119) (1458).
(2/ 128) (1496).
(9/ 114) (7372).
සහීහ් මුස්ලිම් (1/ 50) (19).
තවත් බලන්න (5)
فتح الباري لابن حجر (13/ 349).
الملخص في شرح كتاب التوحيد.
لصالح فوزان (ص54).
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص64).
පොත්වල උපුටා දක්වා ඇත
6 පොත්තවත් බලන්න (5)
- رسالة موجزة عن الإسلام كما جاء في القرآن الكريم والسنة النبوية (مشتملة على الأدلة)رِسَالَةٌُ مُوجَزَةٌُ عَنِ الْإِسْلَامِ كَمَا جَاءَ فِي الْقُرْآنِ الْكَرِيمِ وَالسَّنَةِ النَّبَوِيَّة-مشتملة على الأدلة -للحرمين-«وَاتَّقِ دَعْوَةَ المَظْلُومِ فَإِنَّهُ لَيْسَ بَيْنَهُ وَبَيْنَ اللَّهِ حِجَابٌ» [73].
- زاد الداعية إلى الله1«إنك ستأتي قومًا أهل كتابٍ»؛
- مادة العقيدة الإسلامية(قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم: لِمُعَاذِ بْنِ جَبَلٍ حِينَ بَعَثَهُ إِلَى الْيَمَنِ إِنَّكَ سَتَأْتِي قَوْمًا أَهْلَ كِتَابٍ فَإِذَا جِئْتَهُمْ فَادْعُهُمْ إِلَى أَنْ يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَأَنَّ مُحَمَّدًا ر
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة"إِنَّكَ سَتَأْتِي قَوْمًا مِنْ أَهْلِ الكِتَابِ، فَإِذَا جِئْتَهُمْ فَادْعُهُمْ إِلَى أَنْ يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، فَإِنْ هُمْ طَاعُوا لَكَ بِذَلِكَ، فَأَخْبِرْهُمْ أَنَّ اللَّهَ قَدْ
- من معالم التوحيد«إِنَكَ سَتَأْتِي قَوْمًا أَهْلَ كِتَابٍ، فَإِذَا جِئْتَهُمْ، فَادْعُهُمْ إِلَى أَنْ يَشْهَدُوا أَنْ لَا إِلَهَ إِلَا اللهُ، وَأَنَّ مُحَمَدًا رَسُولُ الله»([5])،