Skip to content

සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර් වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් ('යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටියි.

«صَلَاةُ الرَّجُلِ فِي جَمَاعَةٍ تَزِيدُ عَلَى صَلَاتِهِ فِي بَيْتِهِ وَصَلَاتِهِ فِي سُوقِهِ بِضْعًا وَعِشْرِينَ دَرَجَةً، وَذَلِكَ أَنَّ أَحَدَهُمْ إِذَا تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ، ثُمَّ أَتَى الْمَسْجِدَ لَا يَنْهَزُهُ إِلَّا الصَّلَاةُ، لَا يُرِيدُ إِلَّا الصَّلَاةَ، فَلَمْ يَخْطُ خَطْوَةً إِلَّا رُفِعَ لَهُ بِهَا دَرَجَةٌ، وَحُطَّ عَنْهُ بِهَا خَطِيئَةٌ، حَتَّى يَدْخُلَ الْمَسْجِدَ، فَإِذَا دَخَلَ الْمَسْجِدَ كَانَ فِي الصَّلَاةِ مَا كَانَتِ الصَّلَاةُ هِيَ تَحْبِسُهُ، وَالْمَلَائِكَةُ يُصَلُّونَ عَلَى أَحَدِكُمْ مَا دَامَ فِي مَجْلِسِهِ الَّذِي صَلَّى فِيهِ، يَقُولُونَ: اللهُمَّ ارْحَمْهُ، اللهُمَّ اغْفِرْ لَهُ، اللهُمَّ تُبْ عَلَيْهِ، مَا لَمْ يُؤْذِ فِيهِ، مَا لَمْ يُحْدِثْ فِيهِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මුස්ලිම්වරයෙයෙ සලාතය සාමුහිකව ඉටු කරන විට, ඔහුගේ එම සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ යහපත් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. පසුව ඒ සඳහා හේතුව ද මෙනෙහි කළහ: ඇත්තෙන්ම මිනිසෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය පූර් ණව හා අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පිටත්ව යයි. සලාතයේ අපේක්ෂාව මිස වෙනත් අපේක්ෂාවක් ඔහුව එසේ පිටත් කර හැරියේ නැත. ඔහු තබන සෑම පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබ ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය අපේක්ෂාවෙන් වාඩි වී සිටියි. එසේ සලාතය අපේක්ෂාවෙන් සිටින තාක්කල් සලාතයේ ප්‍රතිඵල හා කුසල් ඔහු ලබනු ඇත. ඔහු සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරු ඔහුට ප්‍රාර්ථනා කරති. "යා අල්ලාහ්! ඔහුට සමාව දෙනු මැනව; ඔහුට කරුණා කරනු මැනව; ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව;" යැයි ප්‍රාර්ථනා කරමින් සිටිති. එය ඔහුගේ වුළූ ධෝවනය දූෂිත නොවන තාක්කල් හෝ මිනිසුනට හෝ මලක්වරුන්ට පීඩාවන අයුරන් කටයුතු නොකරන තාක්කල් හෝ එසේ ප්‍රාර්ථනා කරමින් සිටිති.

වචනාර්ථ

بِضعا: البضع: من الثلاثة إلى العشرة.

හදීසයෙන් උගත හැකි පාඩම්

නිවසේ හෝ වෙළඳ ආයතනයේ හෝ තනිව ඉටු කරන සලාතය වලංගුය. නමුත් කිසිදු හේතුවකින් තොරව සාමුහික සලාතය අත්හැරීමේ පාපය ඔහු ලබනු ඇත.

මිනිසෙකු තනිව ඉටු කරන සලාතයට වඩා මස්ජිදයේ සාමුහිකව ඉටු කරන සලාතය විසි පස් ගුණයකින් හෝ විසි හය ගුණයකින් හෝ විසි හත් ගුණයකින් හෝ ශ්‍රේෂ්ඨය.

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරු හට ප්‍රාර්ථනා කිරීම මලක්වරුන්ගේ රාජකාරී අතරින් එකකි.

වුළුෑ ධෝවනය කරමින් මස්ජිදය වෙත පිවිසීමේ මහිමය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 103) (477).

සහීහ් මුස්ලිම් (1/ 459) (649).

තවත් බලන්න (11)

نزهة المتقين شرح رياض الصالحين.

مجموعة من الباحثين (1/ 26).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 178).

شرح رياض الصالحين.

لابن عثيمين (1/ 72).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص15).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 43).

المعجم الوسيط (1/ 60).