Skip to content
الأنفَال /

වැකිය 72

8 : 72

වැකිය 72 of الأنفَال (8 : 72). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الأنفَال වැකි 75
සූරාව · الأنفَال
සිංහල · Mahir
8 : 72

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَٰٓئِكَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَيۡءٍ حَتَّىٰ يُهَاجِرُواْۚ وَإِنِ ٱسۡتَنصَرُوكُمۡ فِي ٱلدِّينِ فَعَلَيۡكُمُ ٱلنَّصۡرُ إِلَّا عَلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ

නියත වශයෙන් ම විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් ද තවද සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් ද වනාහි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ මිතුරෝ වෙති. විශ්වාස කොට නික්ම නො ගිය අය ඔවුන් නික්ම යන තුරු ඔවුන් සමඟ කිසිදු ආකාරයේ මිතු දහමක් නුඹලාට නො වනු ඇත. එහෙත් දහම විෂයයෙහි ඔවුන් නුඹලාගෙන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති ජනයා වෙත හැර (අන් අයට) උදව් කිරීම නුඹලා වෙත පැවරෙන වගකීම ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව නිරීක්ෂා කරන්නා ය.