57 : 14
يُنَادُونَهُمۡ أَلَمۡ نَكُن مَّعَكُمۡۖ قَالُواْ بَلَىٰ وَلَٰكِنَّكُمۡ فَتَنتُمۡ أَنفُسَكُمۡ وَتَرَبَّصۡتُمۡ وَٱرۡتَبۡتُمۡ وَغَرَّتۡكُمُ ٱلۡأَمَانِيُّ حَتَّىٰ جَآءَ أَمۡرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ
“අපි නුඹලා සමඟ නො සිටියෙමු දැයි” (පිටත සිටින) ඔවුහු ඔවුන් අමතති. “එසේය නමුත් නුඹලා නුඹලාට ම අර්බුද ඇති කර ගත්තෙහු ය. නුඹලා (විනාශය) බලාපොරොත්තු වූහ. තවද නුඹලා සැක කළෙහු ය. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් එම ආශාවන් නුඹලාව රවටා දැමී ය. එමෙන් ම අල්ලාහ් සම්බන්ධයෙන් රවටාලන දෑ නුඹලාව රවටා දැමුවේ ය.