Skip to content
المَائدة /

වැකිය 95

5 : 95

වැකිය 95 of المَائدة (5 : 95). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

المَائدة වැකි 120
සූරාව · المَائدة
සිංහල · Mahir
5 : 95

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡتُلُواْ ٱلصَّيۡدَ وَأَنتُمۡ حُرُمٞۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدٗا فَجَزَآءٞ مِّثۡلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحۡكُمُ بِهِۦ ذَوَا عَدۡلٖ مِّنكُمۡ هَدۡيَۢا بَٰلِغَ ٱلۡكَعۡبَةِ أَوۡ كَفَّٰرَةٞ طَعَامُ مَسَٰكِينَ أَوۡ عَدۡلُ ذَٰلِكَ صِيَامٗا لِّيَذُوقَ وَبَالَ أَمۡرِهِۦۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَۚ وَمَنۡ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنۡهُۚ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී දඬයම් (කර) සතුන් මරා නොදමනු. නුඹලා අතුරින් කවරෙකු උවමනාවෙන්ම එය මරා දැමුවේ ද එවිට ප්‍රතිකර්මය වශයෙන් මරා දැමූ දෑ මෙන් (ඔටු ගව හා එළු වැනි) ගොවිපළ සතුන්ගෙන් සමාන දෙයකි. ඒ පිළිබඳ ව නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. එය කඃබාවට ළඟා විය යුතු කැපයක් ලෙසිනි. එසේ නොමැති නම් ප්‍රතිකර්ම වශයෙන් දුගියන්ට ආහාර සැපයිය යුතු ය. එසේත් නොමැති නම් තමන් කළ කරුණෙහි බරපතළකම විඳිනු පිණිස ඒ වෙනුවට උපවාසයේ නිරත විය යුතුය. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු යළි සිදු කළේද එවිට අල්ලාහ් ඔහු(කළ වරද)ට ප්‍රතිචාර දක්වනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. (කළ වරදට) ප්‍රතිචාර දක්වන්නාය.