عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Fon Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Türkmen - Turkmen Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
التصنيف الشرعي
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්‍රන්ථය
ඉතිරි මූලාශ්‍ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (57)
"ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු ඇති රකආත් හතර කවරෙකු පිළිපදින්නේ ද අල්ලාහ් ඔහුව නිරයට තහනම් කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
التصنيف الشرعيالسنن الرواتب
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ.
එය අනු සාක්ෂි හරහා හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
التصنيف الشرعيصفة الصلاة، أذكار الصلاةموضوعات الحديثالدعاء، سنن الصلاة، صفة الصلاة
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා මේ මේ අයුරින් ප්‍රමාණවත් - එක් වාර්තාකරුවකු පවසා සිටියේ - ඈ කොට තැනැත්තියක් යැයි එයින් අදහස් කළ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්‍ර වී දූෂිත වනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "මම පවසා සිටියේ මිනිසකු පවසා සිටින අයුරිනි". එවිට එතුමාණෝ, "සැබැවින්ම මට මේ මේ තිබුණ ද මිනසාගේ අඩුපාඩු කතා කිරීම මම ප්‍රිය නොකරමි" යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
التصنيف الشرعيالأخلاق الذميمة
"මෙම කරුණ රාත්‍රිය හා දහවළ ළඟා වන සෑම තැනකටම පැතිරී යනු ඇත.
මැටි ගඩොලින් තැනූ කිසිදු නිවසක් හෝ ඔටු හමින් තැනූ කිසිදු නිවසක් හෝ අල්ලාහ් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නැත. එය බලවත් ගෞරවයකින් හෝ අපහාසාත්මක නින්දාවකින් හෝ සිදු වනු ඇත. ගෞරවයයි, එමගින් අල්ලාහ් ඉස්ලාමය උසස් කරයි. අවමානයයි, එමගින් අල්ලාහ් දේව ප්‍රතික්ෂේපය නින්දාවට පත් කරයි. තමීම් අද්-දාරී තුමා මෙසේ පවසා සිටියේය. මම ඒ ගැන මාගේ නිවැසියන් අතරින් දැන ගත්තෙමි. ඔවුන් අතර කිසිවකු හෝ ඉස්ලාමය වැළඳ ගත්තේ ද ඔහුට යහපත, ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය නියම විය. එමෙන්ම ඔවුන් අතර කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුට නින්දාව, අපහාසය හා ජිස්යා බද්ධ නියම විය."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
التصنيف الشرعيالدعوة إلى الله، دلائل النبوة، أشراط الساعةموضوعات الحديثالدعوة إلى الله، الإيمان بالرسل عليهم السلاممحاور التعريف بالإسلامالإسلام هو الدين الحق
"සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බුහාරි අල්-අදබ් අල්-මුෆ්රද් හි ද, ඉමාම් අහ්මද් සහ ඉමාම් බයිහකී විසින් වාර්තා කර ඇත.
التصنيف الشرعيالأخلاق الحميدة
"මිනිසුනට කෘතවේදී නොවන්නා අල්ලාහ්ට කෘතවේදී නොවෙයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
التصنيف الشرعيالأخلاق الحميدة
"කවරෙකු තම බිරිය සමග ඇගේ ගුද මාර්ගයේ සංසර්ගයේ යෙදෙන්නේ ද ඔහු ශාප කරනු ලැබූ අයෙකි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද් වාර්තා කර ඇත. තවද අන්නසාඊ අල් කුබ්රාහි සහ අහ්මද් ද වාර්තා කර ඇත.
"සැබැවින්ම බොරු පවසන, අපරාධකම් කරන පාලකයින් මතු බිහිවනු ඇත. එබැවින් කවරෙකු ඔවුන්ගේ බොරුව සම්බන්ධයෙන් ඔවුන්ව සහතික කර ඔවුන්ගේ අපරාධකම්වලට ඔවුනට සහය දෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේ ය. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මා වෙත ඇති (හවුළුල් කව්සර්) තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. කවරෙකු ඔවුන් ගේ බොරුව සත්‍යය බව සහතික නොකර ඔවුන්ගේ අපරාධකම්වලට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මා වෙත ඇති තටාකය වෙත ඔහු පැමිණෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
التصنيف الشرعيآداب الأمر بالمعروف والنهي عن المنكر، حق الإمام على الرعية