Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 63 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. එවිට ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එවිට එතුමාණෝ ‘අල්ලාහ්ට ආදේශයක් බවට නුඹ මා පත් කළෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් පමණක් පවසනු.' යැයි පැවසුහ.
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. رواه ابن ماجه والنسائي في الكبرى وأحمد
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා කැපවිය යුත්තේ කාහටද?' යැයි විමසා සිටියෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ: 'ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව සමීපතම ඥාතීන් හා පසු ඥාතීන්ටය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව (මස්ජිදයට) යා හැකිය."
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
“මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!”
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මිනිසුන් වාද කළ පමණින්, ඔවුනට දෙනු ලබන්නේ නම් ඇතැමුන් තවත් පිරිසකගේ වස්තු හා ඔවුන්ගේ ජීවිත වාද කර හිමි කර ගනු ඇත. නමුත් වාද කරන්නා මත පැහැදිලි සාක්ෂි තිබිය යුතු අතර ප්‍රතික්ෂේප කරන්නා මත දිවුරා සිටීම පැවරෙනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බයිහකී ඇතුළු වෙනත් ඉමාම් වරු විසින් ද මෙසේ වාර්තා කොට ඇත, තවද මෙහි ඇතැම් කොටස් සහීහ් ග්‍රන්ථ දෙකෙහි ද සඳහන් වී ඇත.
'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු කුමක් ද?' යැයි විමසුවෝය: එතුමාණෝ "මූණිච්චාව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හට ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිඵල දෙනු ලබන විට අල්ලාහ් ඔවුනට: "මෙලොව ඔබ කවරෙකුට ප්‍රදර්ශනය කරමින් සිටියෙහි ද ඔවුන් වෙත යනු. ඔවුන් වෙතින් යම් කුලියක් ලබනු ඇත්දැයි බලනු." යැයි පවසයි.
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් යමෙකුගේ බිරිය සම්බන්ධයෙන් ඔහු මත පැවරෙන වගකීම කුමක් ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ, "ඔබ ආහාර ගත් විටෙක ඇයට ද ආහාර පිරිනැමිය යුතුය. ඔබ අඳින විටෙක හෝ උපයන විටෙක ඇයට ද අඳින්නට සැළැස්විය යුතුය. මුහුණට පහර නොදිය යුතුය. පිළිකුල් නො කළ යුතුය. නිවසේදී හැර (වෙනත් තැන්වල) ඇයව හෙළා නොදැකිය යුතුය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.