Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 46 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු දෑ නියම අයුරින් පවරා, විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉමාම් අහ්මද්, තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇති අතර ඉබ්නු හිබ්බාන් ඉමාම් විසින් තම සහීහ් ග්‍රන්ථයෙහි ද, අල් හාකිම් විසින් ද වාර්තා කොට ඇත.
අල් කුර්ආනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නා සදකා නොහොත් පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නෙකු මෙනි. අල් කුර්ආනය සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නෙකු මෙනි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
මා වෙත මිනිසුන් දෙදෙනෙක් පැමිණ, සැබැවින්ම තමන් දෙදෙනා අවසන් සමුගැනීමේ හජ් වන්දනා අවස්ථාවේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගිය බවත් එවිට එතුමාණන් සදකා වස්තුව බෙදමින් සිටි බවත් තමන් දෙදෙනා එතුමාණන්ගෙන් ඒවා ඉල්ලා සිටි බවත් තමන් දෙදෙනාව ඉහළ පහළ නෙත් යොමු කර එතුමාණන් බැලූ බවත් තමන් දෙදෙනා ශක්තිමත් දෙදෙනකු සේ එතුමාණන් දුටු බවත් පවසා සිටියහ. පසුව එතුමාණෝ මෙසේ පවසා ඇත්තාහ. "ඔබ දෙදෙනා කැමති නම් මම ඔබ දෙදෙනාට පිරිනමමි. පොහොසත් අයට හෝ ඉපැයීමට හැකියාව ඇති අයට හෝ එහි පංගුව අයිති නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "කුසල් සහ මෙනෙහි කිරීම සොයමින් යුද වදින මිනිසකු ගැන ඔබේ අදහස කුමක් ද? ඔහුට යමක් සතු වන්නේ ද?" යැයි විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): 'ඔහුට කිසිවක් සතු වන්නේ නැත' යැයි පිළිතුරු දුන්හ. ඔහු එය තුන් වරක්ම ඒලෙස විමසා සිටියේය. අල්ලාහ්ගේ දූතයාණෝ පවසා සිටියේ 'ඔහුට කිසිවක් සතු වන්නේ නැත' යන වගයි. තවදුරටත් එතුමාණෝ "සැබැවින්ම අල්ලාහ් එම ක්‍රියාව පිළිගන්නේ එහි අවංකභාවය පිහිටන්නේ නම් හා එමගින් ඔහුගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන්නේ නම් පමණි. (ඒ හැර වෙනත් දෑ පිළිගන්නේ නැත.)"
පූර්ව සාධක සහිත හදීසයකි. නසාඊ එය වාර්තා කර ඇත.
අපි වැසි සහිත ඝනාඳුරු රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව සොයමින් පිටත්ව ගියෙමු. එය එතුමාණන් අපට සලාතය මෙහෙය වීම පිණිසය. හෙතෙම, මම එතුමණන්ව මුණ ගැසුණෙමි. එවිට එතුමා 'පවසනු' යැයි පැවසූහ. මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. පසුව ද මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. මා පැවසිය යුත්තේ කුමක් දැයි මම විමසුවෙමි. එතුමාණෝ: “ඔබ සවස් කාලයට එළැඹෙන විට හා උදෑසන කාලයට එළැඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්‍රමාණවත් වනු ඇත යැයි පැවසූ බවට ප්‍රකාශ කර සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජල‍ෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.