Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 10 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (53)
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්‍යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“අල්ලස් දෙන්නාට හා නීති කටයුතුවල අල්ලස් ගන්නාට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවර මිනිසෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ, පසුව ඔහු මා වෙත සලවාත් නො පැවසුවේ ද ඔහු අවමානයට පත් වේවා!” රමළාන් මාසය ඔහු වෙත ප්‍රවේශ වී, පසුව ඔහු වෙනුවෙන් ඔහු පාපක්ෂමාව අයැද සිටීමට පෙර එය අවසන් වී ගියේ ද එවැනි තැනැත්තාටත් විනාශය අත් වේවා! තමන් හට වයෝවෘද්ධ දෙමාපියන් හිද, ඔවුන් දෙදෙනා ඔහුව ස්වර්ගය වෙත ප්‍රවේශ නොකරන අය ද අවමානයට පත් වේවා!"
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ඔබ අතරින් හොඳම තැනැත්තා සහ ඔබේ නරකම තැනැත්තා ගැන මම ඔබට දැනුම් දෙන්නද?" ඔහු මෙසේ පැවසීය: "එවිට ඔවුන් නිහඬ වූහ." එතුමාණන් තුන් වරක් එසේ විමසා සිටියහ. එවිට මිනිසෙක්: 'එසේය, අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් හොඳම තැනැත්තා සහ අපගේ නරකම තැනැත්තා ගැන අපට දන්වන්න.' යැයි කිවේය. එතුමාණෝ මෙසේ පැවසූහ.: 'ඔබ අතරින් හොඳම තැනැත්තා යහපත බලාපොරොත්තු වන තැනැත්තා වන අතර, මිනිසුන් ඔහුගේ නපුරෙන් ආරක්ෂා වේ. ඔබ අතරින් නරකම තැනැත්තා යහපත බලාපොරොත්තු නොවන තැනැත්තා වන අතර මිනිසුන් ඔහුගේ නපුරෙන් ආරක්ෂා නොවේ.'"
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ.
හසන් සහීහ් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
"යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා හි වාර්තා කර ඇත.
"කවරෙකු සතුව බිරියන් දෙදෙනෙකු වී ඔහු ඔවුන් දෙදෙනාගෙන් එකියක වෙත පමණක් නැඹුරු වූයේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ පැත්තක් ඇළ වූ තත්ත්වයේ ඔහු පැමිණෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.