عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (109)
"විකුණන විට, මිල දී ගන්නා විට සහ හිමිකම් පෑමේදී කරුණාවන්ත මිනිසෙකුට දෙවියන් වහන්සේ දයාව පෙන්වයි!"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“සෑම යහපත් කටයුත්තක්ම පුණ්ය කර්මයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. ජාබීර්ගේ හදීසය තුලින් බුහාරි වාර්තා කර ඇති අතර, හුදයිෆාගේ හදීසයෙන් මුස්ලිම් වාර්තා කර ඇත.
“මට පෙර කිසිවෙකුට පිරි නො නැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. මසක දුරක් ගමන් කරන තරමට (සතුරා තුළ මා ගැන) බිය ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී. එබැවින් මාගේ සමූහයා අතරින් කවර මිනිසෙකු හෝ වේවා සලාතයේ වේලාව ළඟා වූ විට ඔහු සලාතය ඉටු කළ යුතුයි. සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. මට පෙර කිසිවකුට එය අනුමත කර තිබුණේ නැත. තවද මැදිහත්වීම ද මට පිරිනමන ලදී. නබිවරු තම ප්රජාවට පමණක් සුවිශේෂී වූ අතර මම මුළු මිනිස් සංහතියටම පොදුවේ එවන ලද්දෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආනයෙන් සූරා අපට ඉගැන්වූ පරිදි සියලුම කටයුතුවල දී යහපත පතන ආකාරය අපට ඉගැන්වූහ. එතුමා මෙසේ පවසා සිටියේය. "ඔබ අතුරින් කෙනෙකු යම් කර්තව්යයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්ය නොවන රක්අත් දෙකකින් යුත් සලාතයක් ඉටු කර පසුව මෙසේ ප්රාර්ථනා කරන්න.
'අල්ලාහුම්ම ඉන්නී අස්තහීඃරුක බිඉල්මික, වස්තක්දිරුක බිකුද්රතික, වඅස්අලුක මින් ෆළ්ලිකල් අළීම්. ෆඉන්නක තක්දිරු වලා අක්දිරු, වතඃලමු වලා අඃලමු, වඅන්ත අල්ලාමුල් ගුයූබ්. අල්ලාහුම්ම ඉන්කුන්ත තඃලමු අන්න හාදල් අම්ර, (මෙහිදී තම අවශ්යතාව සඳහන් කරයි.) හෛඃරන් ලී ෆී දීනි වමආෂී වආකිබති අම්රි ෆක්දුර්හු ලී, වයස්සිර්හු ලී සුම්ම බාරික් ලී ෆීහි. වඉන් කුන්ත තඃලමු අන්න හාදල් අම්ර ෂර්රුන් ලී ෆී දීනී, වමආෂී, වආකිබති අම්රී ෆස්රිෆ්හු අන්නී වස්රිෆ්නී අන්හු වක්දුර්ලී අල් හඃයිර හයිසු කාන, සුම්ම අර්ලිනී බිහී."
තේරුම: "අහෝ දෙවිඳාණනි! ඔබගේ දැනුමෙන් මම ඔබෙන් යහපත අපේක්ෂා කරමි. ඔබේ ශක්තියෙන් මම ඔබෙන් ශක්තිය අපේක්ෂා කරමි. ඔබගේ බලමහිමයෙන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. ඔබ බලය දරන්නෙහිය. මම එසේ බලය නොදරමි. ඔබ සියල්ල දනී, මම කිසිවක් නොදනිමි. ඔබ සැඟවුණු දේවල් ගැන මනාව දන්නාය.(ඔබේ අවශ්යතාව සඳහන් කරමින්) මගේ මේ කටයුත්ත, මගේ ආගම, මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවල අවසානයේ එහි ප්රතිඵල යහපතක් වනු ඇතැයි ඔබ සිතන්නේ නම්, එය මට සළසා දී, එය මට පහසු කර දෙනු මැනව! පසුව එහි අභිවෘද්ධිය ඇති කරනු මැනව. ඔබේ දැනුමෙහි එය මටත් මගේ ආගමටත් මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවලට අයහපත් නම්, එය මගෙන් ඉවත් කරනු මැනව! මා ද එයින් ඉවතට හරවනු මැනව! තවද යහපත කොතැනක තිබුණ ද එය මට සළසා දෙනු මැනව! ඒ ගැන සතුට මට ඇති කරනු මැනව." මෙහිදී තම අවශ්යතාව නම් කළ යුතු යැයි හෙතෙම තවදුරටත් පවසා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
අපි යුද්දයකට සහභාගී වී සිටියෙමු. මුහාජිරීන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුට පහරක් දුන්නේය. එවිට අන්සාරිවරයා: අහෝ අන්සාරිවරුනි, යැයි ඇමතූ අතර මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ඇමතුවේය. අල්ලාහ් එය තම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ඇහෙන්නට සැළැස්වීය. එතුමණෝ: "මේ කුමක් ද?" යැයි විමසූහ. එවිට ඔවුහු මුහාජිරින් වරුන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුගේ පසුපසට පහර දුන් බවත් අන්සාර් වරයා: අහෝ අන්සාර් වරුනි, යැයි ද මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ද ඇමතූ බවත් පවසා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "එය අත්හැර දමන්න. සැබැවින්ම එය දුර් ගන්ධයකි" යැයි පැවසූහ. ජාබිර් තුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට අන්සාරිවරුන් බහුලව සිටි අතර ඉන් පසුව මුහාජිර් වරුන්ගේ සංඛ්යාව වැඩි වැඩිවන්නට විය. එවිට අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි: "ගිනි ඇවිලී ඇත. ඔවුන් මෙසේ සිදු කළේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. අපි මදීනාවට හැරී ගියේ නම්, ප්රභූවරුන් පහත් අයව ඉන් පිටුවහල් කළ යුතු වේ" යැයි පැවසීය. එවිට උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, එම කුහකයාගේ ගෙල සිදලන්නට මා අත්හරින්න" යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා. "ඔහුව අත්හරින්න. මුහම්මද් තම සගයින් මරා දමන බවට මිනිසුන් කතා නොකළ යුතුය" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු වටා එක්රැස් වී සිටින පිරිසක් දුටුහ. ඔහුට හෙවණ ලබා දෙමින් තිබිණ. එවිට එතුමාණෝ "මේ කුමක් ද?" දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසකරුවකු වේ." යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ ගමනක දී උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි." යැයි පැවසූහ. තවත් ප්රකාශයක: "ඔබට අල්ලාහ් පිරිනමා ඇති සහනයන් පිළිපැඳීම ඔබ සතු වගකීමකි" යැයි පවසා ඇත්තාහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්ව සිටිය යුතුය. - එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිය යුතුය.- ඔහුගේ නිවසේ ඔහු රැඳී සිටිය යුතුය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත කොළ වර්ග සහිත එළවලු භාජනයක් ගෙන එන ලදී. එවිට එතුමාණන්ට එහි දුර්ගන්ධයක් දැනී, ඒ ගැන එතුමාණෝ විමසා සිටියහ. එහි ඇත්තේ පළාවර්ග යැයි දන්වන ලදී. පසුව එතුමාණන් සමග සිටි එතුමාණන්ගේ ඇතැම් සහගාමීන් වෙත ඒවා පිළිගන්වන්නැයි පවසා සිටියහ. එතුමාණන්ට එය දැනුනු කල්හි එතුමාණෝ එය අනුභව කිරීමට පිළිකුල් කර, මෙසේ පැවසූහ. "ඔබ අනුභව කරන්න. සැබැවින්ම ඔබ රහසින් කතා නො කරන්නා සමග මම රහසින් කතා කරන්නෙක්මි" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයා මත්පැන්, මියගිය සතුන්, ඌරන් සහ පිළිම විකිණීම තහනම් කර ඇත." එවිට මෙසේ විමසන ලදී: "අල්ලාහ්ගේ දූතයාණනි, මිය ගිය සතුන්ගේ මේදය ගැන ඔබේ අදහස කුමක් ද? සැබැවින්ම එමගින් බෝට්ටු ආලේප කරනු ලැබේ. සම් අලේප කරනු ලැබේ. මිනිසුන් එමගින් පහන් ආලෝකවත් කරති. එවිට එතුමාණෝ 'නැත, එය තහනම් වේ' යැයි පැවසූහ. පසුව එම අවස්ථාවේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තවදුරටත් මෙසේ පැවසූහ. "අල්ලාහ් යුදෙව්වන් විනාශය කර දැමූහ. ඒවායෙහි මේදය අල්ලාහ් තහනම් කළ කල්හි, ඔවුන් එය උණු කර, පසුව එය විකුණා ඉන් ලැබෙන ලාබයෙන් පරිභෝජනය කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.