عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (109)
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිනක් මින්බර් වේදිකාව මත වාඩි වී සිටියහ. අප ද එතුමාණන් අවට වාඩි වී සිටියෙමු. එවිට එතුමාණෝ: “සැබැවින්ම මගෙන් පසුව ඔබලා කෙරෙහි මා බියවන කරුණ නම්, මෙලොව චමත්කාරය හා එහි අලංකාරය නුඹලා වෙත විවෘත කරනු ලැබීමය.” යැයි පැවසූහ. එවිට මිනිසෙක්, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! යහපත අයහපත ගෙන දෙයි ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිහඬ වූහ. 'එවිට ඔබට කුමක් වීද? ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග කතා කළ නමුත් එතුමාණන් ඔබ සමග කතා නොකරයි.' යැයි ඔහුට පවසන ලදී. 'සැබැවින්ම එතුමාණන් වෙත වහී පහළ වනු ඇතැයි අපි දැන ගත්තෙමු.' පසුව එතුමාණෝ දහඩිය පිසදමා "ප්රශ්නය විමසා සිටි තැනැත්තා කොහේදැ?"යි විමසා සිටියහ. එතුමා ඔහුව ප්රශංසා කරන්නට විය. එවිට එතුමාණෝ: සැබැවින්ම "යහපත කිසිවිටෙක අයහපතක් ගෙන එන්නේ නැත. (එයට උපමාවක් නම්) වසන්ත කාලයේ හටගන්නා ශාකවලින් සතුන් මරා දමන දෑ ද එසේ නැතහොත් මාරාන්තික වේදනාවට ලක් කරන දෑ ද ඇත. හරිත තණකොළ පමණක් ආහාරයට ගත් සතුන් හැර. ඒ සතුන් උදරයේ දෙපැත්ත නෙරා යන තරමට අනුභව කර හිරුට නිරාවරණය වී ඌ මළ මූත්රා කරයි. නැවතත් එය එලෙස සිදු කරයි. මෙම ධනය ද හරිත හා මිහිරිය. මුස්ලිම්වරයකු තමන් විසින් දුගියාට අනාතයාට මගියාට පිරිනමන දෑ යහපත් විය. -එසේ නැතහොත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළා සේය.- එනම් කවුරුන් හෝ එය අසාධාරණ ලෙස ලබා ගන්නේ නම්, එය තමන් අනුභව කරන නමුත් කුස නොපිරුණු අයකු මෙන් වේ. මළවුන් කෙරෙන් නැවත නැඟිටවනු ලබන දිනයේ එය ඔහුට විරුද්ධව සාක්ෂි දරනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය. දින දෙකක උපවාසයේ නිරත නොවිය යුතුය. එනම්: අල්-ෆිත්ර් (උත්සව දින) සහ අල්-අළ්හා (උත්සව දින). සුබ්හු සලාතයෙන් පසු ඉර උදාවන තුරු හෝ අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු සලාතයක් නොකළ යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මගේ මස්ජිදය (දේවස්ථානය) යන දේවස්ථාන තුනට හැර විශේෂ වන්දනා ගමනක් නොකළ යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.” ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියෝය. එතුමා: “කාන්තාවකගේ සාක්ෂිය පිරිමියකුගේ සාක්ෂියෙන් අඩක් මෙන් නොවන්නේද” එවිට ඔවුහු: ‘එසේය’ යැයි පැවසුවෝය. එතුමා: “එයයි ඇයගේ බුද්ධියේ හීනභාවය” යැයි පවසා සිටි අතර “ඇය ඔසප් තත්ත්වයට පත් වූ විට සලාත් ඉටු නොකරනවා නොවේ ද? උපවාසය අත්හැර දමනවා නොවේද” යැයි විමසූහ. ඔවුහු: ‘එසේය.’ යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “එයයි ඇයගේ දහමේ පවතින භීනභාවය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්රිය කරන සිහිනයක් දුටුවේ නම්, සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්රශංසා කළ යුතුය. ඒ ගැන කතා කළ යුතුය. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම්, සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුය. මන්ද සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.” යැයි පවසති. එවිට ඔහු: “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනමමි.” යැයි පවසයි. ඔවුහු: “අහෝ පරමාධිපතියාණනි! මීටත් වඩා උතුම් වනුයේ කුමන කරුණක් ද?” යැයි විමසති. එවිට ඔහු. “මාගේ තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිවසේ මුවා වී රැඳී සිටින කන්යාවකට වඩා අධික ලෙස ලැජ්ජා සහගත අයකු වූහ. යම් පිළිකුල් සහගත දෙයක් එතුමාණන් දුටු විට එතුමාණන්ගේ මුහුණෙන් එය අපි හඳුනා ගත්තෙමු."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යෙමනයේ සිට පදම් කරන ලද හම් මල්ලක රන් කැබැල්ලක් එවා සිටියේය. එම රන් කැබැල්ල පසින් පිරිසිදු කර තිබුණේ නැත. පසුව ඔහු මෙසේ පැවසීය. "එතුමාණෝ එය සිව්දෙනෙකු අතර බෙදා දුන්හ. ඒ අනුව උයෙයිනා ඉබ්නු බද්ර්, අක්රඃ ඉබ්නු හාබිස්, සෙයිදුල් හඃයිල් අතර හා සිව්වැන්නා ලෙස අල්කමා හෝ ආමිර් ඉබ්නු තුෆෙයිල් අතර බෙදා හැරියහ. එවිට එතුමාණන්ගේ සගයින් අතරින් මිනිසෙක් "මොවුන්ට වඩා අපි මෙය ලබන්නට සුදුස්සෝ වෙමු" යැයි පැවසීය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැන ගන්නට ලැබුණි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "උදේ සවස අහසේ පුවත් මා වෙත ගෙන එන අහසේ සිටින අය සමග මා විශ්වාසනීය ලෙස සිටිය දී නුඹලා මා ගැන විශ්වාස නොකරන්නෙහු ද?" ඔහු මෙසේ පැවසීය: එවිට ඇස් දෙක ඇතුළට නෙරා ගිය, කම්මුල කැපී පෙනෙන, නළල උසින් පිහිටුනු, ඝණ රැවුලක් සහිත, හිස මුඩු කළ, වෙට්ටිය ඔසවා නවා ගත් මිනිසෙකු මෙසේ පැවසීය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අල්ලාහ්ට බියවන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසීය: "ඔබට විනාශය අත් වේවා! අල්ලාහ් කෙරෙහි වන භක්තිමත්භාවයෙහි පොළෝවාසීන් අතර මා වඩාත්ම සුදුස්සා නොවේ ද?" එතුමා තවදුරටත් මෙසේ පැවසීය: පසුව එම මිනිසා හැරී ගියේය. කාලිද් ඉබ්නු අල්-වලීද් තුමා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි මා ඔහුගේ ගෙල සිඳ දැමිය යුතු නොවේ ද? එතුමාණෝ "නැත, ඔහු සලාත් ඉටු කරන්නෙකු විය හැක" යැයි පැවසූහ. එවිට කාලිද් තුමා, "තම සිතේ කිසිවක් නැති, තම දිවෙන් පමණක් පවසා සලාතය ඉටු කරන කොපමණ දෙනෙක් සිටිත් ද?" යැයි කීය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයහී වසල්ලම්) මෙසේ පැවසූහ: "මිනිසුන්ගේ හදවත් සෝදිසි කිරීමට මම අණ කරනු නොලැබුවෙමි. ඔවුන්ගේ ඇතුළාන්තය මම විවෘත කර නොබලමි. සැබැවින්ම මා අණ කරනු ලැබුවේ ඔවුන්ගේ කටයුතුවල බාහිරය සැලකිල්ලට ගන්නා ලෙසය." නැවතත්, ඔහු සිටිගෙන සිටිය දී ඔහු දෙස බලා මේ පිළිබඳව එතුමාණෝ මෙසේ පවසන්නට වූහ. "මෙම (මනුෂ්යයාගේ) පරම්පරාවෙන් අල්-කුර්ආනය ප්රසන්න ලෙස පාරායනය කරන, දිව තෙත්ව ඇති නමුත් එය ඔවුන්ගේ උගුරෙන් ඔබ්බට නොයන ජනතාවක් බිහි වනු ඇත. ඊතලය ගොදුර හරහා ගමන් කරන්නාක් මෙන් ඔවුහු ආගම හරහා ඉක්මනින් ගමන් කරති." එතුමාණෝ මෙය ද පැවසූ බව මම සිතමි. "මම ඔවුන් සොයා ගත්තේ නම්, සමූද්වරුන් මරා දැමූ ආකාරයටම මම ඔවුන්ව ද මරා දමමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.