Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 54 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට අනුභව කිරීම ප්‍රමාණවත්ය. එය නොවැළැක්විය හැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක ඔහුගේ හුස්ම සඳහා ද විය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද්, තිර්මිදී, අන්නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنْ النَّارِ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا තේරුම: අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම යහපත මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම නපුරෙන් ආරක්ෂාව මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා ඔබෙන් පැතූ යහපත මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා කවර කරුණකින් ආරක්ෂාව පැතුවේ ද එවන් නපුරෙන් ආරක්ෂාව මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ස්වර්ගය ද ඒ වෙත සමීප කරවන වචනය හා ක්‍රියාව ද මම ඔබෙන් පතමි. එමෙන්ම නිරයෙන් ද ඒ වෙත සමීප කරන වචනයෙන් හා ක්‍රියාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ මට තීන්දු කළ සෑම කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලමි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉබ්නු මාජහ් හා අහ්මද් වාර්තා කොට ඇත.
"තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, ළඳරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු"
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
"මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."
සියලුම සම්ප්‍රේෂණ දාමයන් හරහා පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
"ඔබ සතු සුදු ඇඳුම් අඳින්න. සැබැවින්ම එය ඔබේ ඇඳුමින් වඩාත් ශ්‍රේෂ්ට වන්නේය. එමෙන්ම ඔබ අතර මිය ගිය ඇත්තන් එහි ඔතන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු නියම අයුරින් පවරා විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න. කවරෙකු හෝ එසේ කරන්නේ ද ගින්න, ගින්නමය."
පූර්ව සාධක සහිත හදීසයකි. ඉබ්නු මාජහ් එය වාර්තා කර ඇත.