Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 85 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුනෙයින් වෙත පිටත්ව ගිය කල්හි, එතුමාණෝ බහුදේව වාදීන් සතු ගසක් අසළින් ගමන් ගත්හ. එයට 'සාතු අන්වාත්' යනුවෙන් කියනු ලැබේ. ඔවුන්ගේ ආයුධ එහි එල්ලා තබති. එවිට ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන් සතු 'සාතු අන්වාත්' මෙන් අපටද සාතු අන්වාතයක් නියම කරන්නයි' පැවසූහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) මෙය “ඔවුනට දෙවිවරුන් සිටින සේ අපටත් දෙවිවරුන් නියම කරන්න" (අල්-අඃරාෆ්: 138) යැයි මූසාගේ ප්‍රජාව පවසා සිටියාක් මෙනි. මාගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා නුඹලාට පෙර විසූවන්ගේ පිළිවෙත මග නැග යන්නෙහුය.' යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය" යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.”
සියලුම සම්ප්‍රේෂණ දාමයන් හරහා පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් වාර්තා කර ඇත. තවද අන්නසාඊ අල් කුබ්රාහි සහ අහ්මද් ද වාර්තා කර ඇත.
“අල්ලස් දෙන්නාට හා නීති කටයුතුවල අල්ලස් ගන්නාට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම්, ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
"කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන නො කළ තත්ත්වයක ඔහුව මුණගැසෙන්නේ ද, කිසිදු වරදක් ඔහුට හානියක් සිදු නොකරනු ඇත. තවද, ඔහුට කිසිවක් සමාන කළ තත්ත්වයක මිය යන්නේ ද, ඔහුට කිසිදු යහපතක් ප්‍රයෝජනවත් නොවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ, ඉබ්නු මාජා සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. අසුභවාදය දේවත්වයට ආදේශ කිරීමකි. -තුන්වරක්- ” අප අතරින් එහි නොවැටෙන කිසිවකු නැත. නමුත් අල්ලාහ් මත සියල්ල භාරකිරීම තුළින් ඔහු එය පහකරනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.