Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 67 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“සැබැවින්ම මැතිරීම්, සුරය එල්ලීම් හා වශී ගුරුකම් ෂිර්ක් හෙවත් දේව ආදේශයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල් කුර්ආනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නා සදකා නොහොත් පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නෙකු මෙනි. අල් කුර්ආනය සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නෙකු මෙනි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?" ඔවුහු: "එසේය" යැයි පැවසූවෝය. එතුමාණෝ : "එකිනෙකා අතර සාමය ඇති කිරීමය. මක්නිසාද යත් එකිනෙකා අතර පවතින සබඳතා පළුඳු කිරීම සැබවින්ම හාලිකා (විනාශය) වේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
“කවරෙකු අමානා (වත්පිළිවෙත්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
"පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අප අතර නැගිට හදවත් සසල කළ, ඇස්වලින් කඳුළු වැගිරවූ චතුරාර්ය උපදෙසක් අපට දේශනා කළහ. එවිට 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සමුගන්නෙකු විසින් කරන උපදෙසක් අපට දේශනා කළෙහිය. එබැවින් ඔබ අපට ප්‍රතිඥාවක් දෙන්නැයි' පවසනු ලැබීය. එවිට එතුමාණෝ "ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු. ඒවා පුරස්චාර්වක දත්වලින් අල්ලා ගනු. අලුතින් ඇති කරන සෑම කරුණක්ම නොමඟය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
මා වෙත මිනිසුන් දෙදෙනෙක් පැමිණ, සැබැවින්ම තමන් දෙදෙනා අවසන් සමුගැනීමේ හජ් වන්දනා අවස්ථාවේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගිය බවත් එවිට එතුමාණන් සදකා වස්තුව බෙදමින් සිටි බවත් තමන් දෙදෙනා එතුමාණන්ගෙන් ඒවා ඉල්ලා සිටි බවත් තමන් දෙදෙනාව ඉහළ පහළ නෙත් යොමු කර එතුමාණන් බැලූ බවත් තමන් දෙදෙනා ශක්තිමත් දෙදෙනකු සේ එතුමාණන් දුටු බවත් පවසා සිටියහ. පසුව එතුමාණෝ මෙසේ පවසා ඇත්තාහ. "ඔබ දෙදෙනා කැමති නම් මම ඔබ දෙදෙනාට පිරිනමමි. පොහොසත් අයට හෝ ඉපැයීමට හැකියාව ඇති අයට හෝ එහි පංගුව අයිති නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අපි වැසි සහිත ඝනාඳුරු රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව සොයමින් පිටත්ව ගියෙමු. එය එතුමාණන් අපට සලාතය මෙහෙය වීම පිණිසය. හෙතෙම, මම එතුමණන්ව මුණ ගැසුණෙමි. එවිට එතුමා 'පවසනු' යැයි පැවසූහ. මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. පසුව ද මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. මා පැවසිය යුත්තේ කුමක් දැයි මම විමසුවෙමි. එතුමාණෝ: “ඔබ සවස් කාලයට එළැඹෙන විට හා උදෑසන කාලයට එළැඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්‍රමාණවත් වනු ඇත යැයි පැවසූ බවට ප්‍රකාශ කර සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.