Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 27 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
මිනිසකු මෙසේ විමසුවේය: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, 'ජාහිලිය්යා' හෙවත් අඥාන යුගයේ අප සිදු කළ දෑ නිසාවෙන් අපි වැරදි කරුවන් ලෙස හසු කරනු ලබන්නෙමු ද? එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉස්ලාමය තුළ කවරෙකු දැහැමි අයුරින් කටයුතු කළේ ද ඔහු අඥාන යුගයේ සිදු කළ වැරදි නිසාවෙන් ඔහු ග්‍රහණය කරනු නොලැබේ. කවරෙකු ඉස්ලාමය තුළ දුෂ්ටකම් සිදු කළේ ද ඔහු ආරම්භය මෙන්ම අවසානයේ සිටම ග්‍රහණය කරනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු ස්වර්ග උයනට පිවිසෙයි. කවරෙකු ඔහුට ආදේශ කරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු අපා ගින්නට පිිසෙයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මිනිසුන්, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දරා සලාතය විධිමත්ව ඉටු කර, සකාත් ද පිරිනමන තෙක් ඔවුන් සමග අරගල කරන මෙන් මම අණ කරනු ලැබුවෙමි. එසේ ඔවුන් ඒවා සිදු කළේ නම්, ඉස්ලාමයේ ඇති උරුමයක් වෙනුවෙන් හැරෙන්නට ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ දේපළ ඔවුහු මගෙන් ආරක්ෂා කර ගත්තෝය. ඔවුන්ගේ විනිශ්චය ඇත්තේ උත්තරීතර අල්ලාහ් අබියසය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
හෙතෙම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රචණ්ඩකාරී මිනිසෙකු මා හමු වී අපි එකිනෙකා සටන් වැද මගේ අත් දෙකින් එක් අතකට ඔහු කඩුවෙන් පහර දී එය කපා වෙන් කළේය. පසුව ඔහු මගෙන් පළා ගොස් ගසකට මුවා වී පසුව 'මම අල්ලාහ්ට යටත් වෙමි' යැයි පවසයි. අල්ලාහ්ගේ දූතයාණනි! එසේ ඔහු පැවසූ පසුව ඔහුව මා මරා දැමීම ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසුවේය. එවිට එතුමා “ඔබ ඔහු මරා නොදැමිය යුතුය” යැයි පැවසූහ. පසුව මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු මගේ අත් දෙකින් එකක් කපා ඇත. ඔහු එසේ එය පවසා සිටියේ කපා දැමුවායින් පසුවය? යැයි පවසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. එසේ ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු, ඔබ මරා දැමීමට පෙර ඔබ සිටි තත්ත්වයේ ඔහු වන්නේය. එමෙන්ම ඔබ, ඔහු ප්‍රකාශ කළ වදන ඔහු ප්‍රකාශ කිරීමට පෙර ඔහු සිටි තත්ත්වයේ ඔබ වන්නෙහිය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඉබ්නු ජුද්ආන් (නම් කෙකේ) "ජාහිලිය්යා" නම් අඥාන කාලයේ ඥාති සම්බන්ධකම් රකිමින්, දුප්පතුන්ට ආහාර සපයමින් සිටියේය. එය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ ද?" යැයි මම විමසුවෙමි. එතුමාණෝ: "ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහු කිසි දිනක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ දී මාගේ වැරදි වලට මට සමාව දෙනු මැනව' යැයි පවසා සිටියේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
කවර තැනැත්තෙක් හෝ තම සහෝදරයාට අහෝ කාෆිර්! (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා) යැයි අමතා සිටියේ ද සැබැවින්ම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඒ වෙත හැරී එනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේය. එසේ නැතහොත් එය ඔහුට එරෙහිවම නැවත හැරී එනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා සෙනෙහස පෑමෙහි ද ඔවුන් එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විඳින විට අවදිව සිටීමෙන් හා උණ ගැනීමෙන් ශරීරයේ සෙසු අවයවට ද එයට හවුල් වීමට ඇරයුම් කරන ශරීරයේ උපමාව මෙනි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.