Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 13 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මුස්ලිම්වරයා මිනීවල තුළ ප්‍රශ්න කරනු ලබන විට ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරයි." එහි උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය: “විශ්වාස කළවුන් ස්ථාවර ප්‍රකාශය තුළින් මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොවෙහි ද අල්ලාහ් තිරසාර කරනු ඇත.” (ඉබ්‍රාහීම්: 27)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කාලය පටු වන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. එවිට වසර මාසය මෙන් වනු ඇත. මාසය සතිය මෙන් වනු ඇත. සතිය දිනය මෙන් වනු ඇත. දිනය හෝරාව මෙන් වනු ඇත. හෝරාව ඉඳි කොළයක් පිළිස්සී යන්නාක් මෙන් වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යමක් මෙනෙහි කරමින්: "එය දැනුම පහව යන කාලයේ සිදු වේ යැයි පැවසූහ. මම: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! දැනුම පහව යන්නේ කෙසේ ද? අපි අල් කුර්ආනය කියවමු. එමෙන්ම අපේ දරුවන්ටත් කියවන්නට උගන්වන්නෙමු. එමෙන්ම අපේ දරුවන් ද ඔවුන්ගේ දරුවන්ටත් එලෙස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක්ම උගන්වමින් සිටිති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "සියාද්, ඔබේ මව නැසී යනු ඇත. මදීනාවේ සිටින බුද්ධිමත්ම තැනැත්තා ඔබ යැයි මම සිතා සිටියෙමි. මේ යුදෙව්වන් හා කිතුනුවන් තව්රාතය හා ඉන්ජීලය කියවන නමුත් ඒ දෙකෙහි ඇති දෑ අනුව කටයුතු නොකරනවා නොවේ ද?"යැයි විමසා සිටියහ.
සහීහ් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. ඉබ්නු මාජහ් එය වාර්තා කර ඇත.
"ජනාසාව (මළ දේහය) තබනු ලැබ පිරිමින් ඔවුන්ගේ කර මත එය උසුලාගෙන යන විට එය යහපත් නම් එය මෙසේ පවසනු ඇත. "මාව ඉක්මන් කරන්න" එය යහපත් නොවී නම්, එය මෙසේ පවසනු ඇත. "අහෝ විනාශය! ඔවුන් මෙය ගෙන යන්නේ කොයිබට ද?" මිනිසා හැර සෙසු සියලු දෑ එහි හඬට සවන් දෙනු ඇත. මිනිසා එයට සවන් දුන්නේ නම්, ඔහු කම්පනයට පත්වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.