Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 21 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. ‌එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් ‌කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක්, "අල්ලාහ්ගේ නබි තුමනි! කාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු) ඔහුගේ මුහුණ මත රැස්කරනු ලබන්නේද?" නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “මෙලොවදී ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ තැනැත්තාට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්විය හැකි නොවේද?” යැයි විමසූහ. කතාදා තුමා: 'අපගේ පරමාධිපතිගේ බලයෙන් එසේය.' යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.” යැයි පවසති. එවිට ඔහු: “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනමමි.” යැයි පවසයි. ඔවුහු: “අහෝ පරමාධිපතියාණනි! මීටත් වඩා උතුම් වනුයේ කුමන කරුණක් ද?” යැයි විමසති. එවිට ඔහු. “මාගේ තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සමීප වී විධිමත්ව කටයුතු කරනු. ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු ඔහුගේ ක්‍රියාවෙන් පමණක් ජය නො ලබන බව දැන ගනු." ඔවුහු අල්ලාහ්ගේ දූතයාණනි! ඔබත් එසේ නො වන්නෙහි?" යැයි විමසුවෝය. එතුමාණෝ: "අල්ලාහ්ගේ කරුණාව හා භාග්‍යය තුළින් ඔහු මා ආවරණය කිරීමෙන් මිස මම ද එසේ නොවෙමි" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම පරමාධිපති සමග මතු කතා කරනු මිස නැත. ඔහු අතර හා මොහු අතර කිසිදු පරිවර්තකයකු නොවනු ඇත. ඔහු ඔහුගේ දකුණු දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහුගේ වම් දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහු ඉදිරියේ බලයි. ඔහුට මුහුණලා අපා ගින්න හැර වෙනත් කිසිවක් නොදකියි. එබැවින් රට ඉඳි කෑල්ලක් හෝ දන් දී අපා ගින්නෙන් ආරක්ෂා වන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.