Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 30 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
හෙතෙම සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් සමග ඇතැම් ගමන් බිමන් හි නිරත වී ඇති බව පවසා, "ජනයා ඔවුන්ගේ නවාතැන්හි සිටිය දී- එතුමා ‘එකදු කර පටියක් හෝ වලල්ලක් හෝ ඔටුවාගේ බෙල්ලේ ඉතිරි වන්නට ඉඩ නොහරින මෙන් පවසා දූතයකු එවා සිටියහ." යැයි දන්වා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳ මෙනෙහි කළාය. එහිදී ඇය දුටු පින්තූරු ගැන ද මතක් කර සිටියාය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ. “ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දැහැමි ගැත්තෙකු හෝ දැහැමි මිනිසකු හෝ මිය ගිය විට ඔහුගේ මිනිවළ මත ඔවුහු දේවස්ථාන ඉදි කළෝය. එහි එම පින්තූරු නිර්මාණය කළෝය. අල්ලාහ් අබියස වඩාත් නපුරුම ජනයා ඔවුහුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින පහකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දුන්නෙමි. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔබ අතරින් කිසිවෙකු සමීප මිතුරෙකු වීමෙන් අල්ලාහ් වෙත මම නිදොස් වූයෙමි. හේතුව සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාව සමීප මිතුරෙකු ‌ලෙස තෝරාගත් සේම මාව ද සමීප මිතුරෙකු බවට ඔහු තෝරා ගෙන ඇත. මාගේ සමූහයා අතරින් මා සමීප මිතුරෙකු තෝරා ගන්නේ නම්, අබූ බක්ර් තුමාව මා සමීප මිතුරෙකු ලෙස තෝරා ගන්නට තිබුණි. දැනගන්න. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ හා ඔවුන්ගේ දැහැමියන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගනිමින් සිටියෝය. දැනගන්න! නුඹලා මිනිවලවල් දේවස්ථාන බට පත් ‌කර නොගන්න. සැබැවින්ම මම නුඹලා එයින් වළක්වමි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිරිසක් පැමිණියේය. එතුමා නව දෙනෙකුටම ප්‍රතිඥා දුන් අතර එක් අයකුගෙන් වැළකී සිටියේය. එවිට ඔවුහු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! නව දෙනෙකුටම ඔබ දිවුරුම් දී මොහුව අත්හැරියේ ඇයිදැ?යි විමසූහ. එතුමාණෝ "ඔහු මත සුරයක් විය" යැයි පැවසූහ. පසුව ඔහුගේ අත දමා එය කඩා දැමුවේය. පසුව ඔහුට දිවුරුම් දී මෙසේ පැවසූහ: "කවරෙකු සුර එල්ලන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට ආදේශ කළේය."
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
“ආසාදනය හෝ අශුභවාදය නැත. නමුත් සුභවාදය මා සතුටු කරවයි. සුභවාදය කුමක්දැයි ඔවුහු විමසුවෝය. ‘දැහැමි වචනය’ යැයි එතුමාණෝ පැවසූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරා පැවසීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය.” උමර් තුමා: අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ්ගේ දූතයාණන් එය වළක්වා ඇති බවට මාගේ කණට වැකුණු දා පටන් මෙනෙහි කිරීමක හෝ (වෙනත් කෙනෙකුගේ ප්‍රකාශයක්) දැනුම් දීමක මම එසේ දිවුරා නොසිටියෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.