عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (30)
කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්රියාත්මක නොවේ. "
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, තම පරමාධිපතියාණන් ඔහුගේ ආවරණය ඔහු මත තබන තරමට දේවත්වය විශ්වාස කරන්නා ඔහු වෙත සමීප කරවනු ලැබේ. පසුව ඔහුගේ පාපයන් පිළිගන්නට සළස්වයි. පසුව "ඔබ මෙය දන්නෙහි ද?" යැයි විමසයි. එවිට 'මාගේ පරමාධිපතියාණනි! එසේය, මම දනිමි' යැයි ඔහු පවසයි. පසුව මෙලොවෙහි සැබැවින්ම ඔබට එරෙහිව තිබූ දෑ මම වසන් කළෙමි. අද දින ඔබ වෙනුවෙන් ඒවාට සමාව දුනිමි. පසුව ඔහුට ඔහුගේ යහපත් කුසල්හි පත්රිකාව දෙනු ලැබේ. දේවත්වය ප්රතික්ෂේප කළ කාෆිර්වරු හා කුහකයෝ වනාහි, 'අල්ලාහ්ට එරෙහිව බොරු කළවුන් මොවුහුය' යැයි පෙන්වා දෙමින් සියලුම මැවීම්වලට ඉහළින් ඔවුන් අමතනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු දුප්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නැතහොත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සැහැල්ලු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් හෙවණක් නොමැති දිනයේ, ඔහුගේ රාජ්යයේ හෙවණ යටතේ ඔහු ඔහුට හෙවණ සළසා දෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසෙකු තම නිදියහනේ වැතිර සිටිය දී ඔහු වෙත මා ගැන හදීසයක් ළඟා විය හැකි නොවේ ද. එවිට ඔහු අප අතර හා ඔබ අතර අල්ලාහ්ගේ ග්රන්ථය" ඇත. එහි අපි කවර කරුණක් 'හලාල්' -අනුමත- යැයි දැක ඇත්තේ ද එය අපි අනුමත කර ගත්තෙමු. කවර කරුණක් 'හරාම්' -තහනම්- යැයි දැක ඇත්තේ ද එයි අපි තහනම් කර ගත්තෙමු. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් තහනම් කළේ ද එය අල්ලාහ් තහනම් කළා හා සමානය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්රමාණවත් ය" යැයි ප්රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.