Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) ලිංගික සංසර් ගය හේතුවෙන් එක් සාඃ ප්‍රමාණයක ජලයෙන් පවා ස්නානය කළ අතර එක් මුද් ප්‍රමාණයකින් පවා වුළූ දෝවනය කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක (මුද්දු හතරක) සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්‍රමාණයකින් වුළු ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙවාරයක් බැගින් වුළූ ගත්හ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණි බනු අල්-මුන්තෆික් දූත කණ්ඩායමේ නායකයා - නැතහොත් - බනූ අල්-මුන්තෆික් අතර සිටි අයෙක්මි. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණි කල්හි, අපි එතුමාණන්ව එතුමාණන්ගේ නිවසේ හමු නො වූයෙමු. විශ්වාසීන්ගේ මෑණියක වන ‘අඉෂා’ තුමිය එහි සිටියා ය. ඇය අප වෙනුවෙන් 'කසීරා' (خَزِيرَةٍ) නම් කෑමක් පිළියෙළ කරන ලෙස අණ කළා ය. පසුව අප වෙනුවෙන් එය පිළියෙළ කරන ලදී. රටඉඳි අඩංගු තැටියක් ද අපට පිළිගන්වීය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැමිණ මෙසේ ඇසූහ. “ඔබ යමක් (සංග්‍රහයක්) ලැබුවා ද නැතහොත් ඔබ වෙනුවෙන් ඇණවුම් කළා ද?” අපි: “එසේය, අල්ලාහ්ගේ දූතයාණනි,” යැයි පැවසුවෙමු. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, එඬේරෙකු තම බැටළු රැළ උන්ගේ ගාලට රැගෙන ගියේය. ඔහු සමඟ කෑ ගසමින් සිටින අලුත උපන් බැටළු පැටවෙකු විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන්, “අහෝ මිනස මේ කුමන පැටවෙක් ද?” යැයි විමසූහ. ඌ ගැහැණු පැටවෙකැයි ඔහු පිළිතුරු දුන්නේය. එවිට එතුමාණෝ: “ඌ වෙනුවට බැටළුවෙකු අප වෙනුවෙන් කපා හරින්න” යැයි පැවසූහ. ඔහු: "ඔබ වෙනුවෙන් ඌ මරා දමන බව ඔබ නොසිතිය යුතුය. අපට බැටළුවන් සියයක් සිටිති, උන්ගේ සංඛ්‍යාව වැඩිවීම අප ප්‍රිය කරන්නේ නැත. ඒ නිසා, බැටළුවෙක් ඉපදුන ගමන්, අපි ඌ වෙනුවට බැටළුවෙක් කපා හරින්නෙමු." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, මට බිරියක් සිටියි, ඇගේ දිවේ යමක් තිබේ, එනම් ඇය කුණුහරප පවසයි." යැයි කීවෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "එසේනම් ඔබ ඇයව දික්කසාද කරන්න." මම: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය සමග මහත් බැඳීමක් ඇත. ඇයගෙන් මට දරුවකු සිටියි.' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "එසේනම් ඔබ ඇයට උපදෙස් දෙන්න. ඇය තුළ යහපත්කමක් තිබේ නම්, ඇය එසේ කටයුතු කරනු ඇත. ඔබ ඔබේ වහලියට පහර දෙන ආකාරයට ඔබේ බිරිඳට පහර නොදෙන්න." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, වුළූ (අර්ධ ස්නානය) ගැන යමක් මට කියා දෙන්න." යැයි කීවෙමි. එවිට එතුමාණෝ: "විධිමත් ලෙස පූර්ණව වුළූ දෝවනය සිදු කරන්න, ඔබේ ඇඟිලි කරු අතර හොඳින් සෝදා හරින්න. ඔබ උපවාසයේ සිටින්නේ නම් හැර සෙසු අවස්ථාවන්හි නාස්පුඩු තුළට වතුර යවා හොඳින් සෝදා හරින්න."යැයි කීහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය විධිමත්ව ඉටු කර, පසුව නැගිට තම හදවත හා තම මුහුණ රකආත් දෙකක් ඉටු කිරීම සඳහා යොමු කරවා, ඒ දෙක ඉටු කරන්නේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස වෙනත් කිසිවක් නැත.” එවිට මම “මෙය කෙතරම් අගනේ ද!” යැයි පැවසුවෙමි. එවිට මා අසළ සිටි කෙනෙකු මෙසේ පැවසීය. “මීට පෙර තිබූ දෑ වඩාත් අගනේය” පසුව මම හැරී බැලුවෙමි. එවිට උමර් තුමා: “සැබැවින්ම මම ඔබව දුටුවෙමි. ඔබ සමීපයට අවෙහිය.” යැයි පැවසීය. ඔහු “නුඹලා අතරින් කිසිවකු හෝ වුළූ ධෝවනය කොට එම වුළූ ධෝවනය සම්පූර්ණ කොට පසුව: “අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු” (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් තුමාණන් ඔහුගේ ගැත්තා හා දූතයා බවත් මම සාක්ෂි දරමි.) යැයි පවසා සිටින්නේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අටම විවෘත කරනු ලැබේ. ඔහු කැමති එකකින් එහි පිවිසෙනු ඇත.” යැයි පැවසුවේය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.