Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 20 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් පිටව ගොස් තම ආත්මය විකුණයි. එහෙයින්, ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මක්කාවේ සිට මදීනාව බලා නැවත පැමිණෙමින් සිටියෙමු. මාර්ගයේ ජලය ඇති ස්ථානයක් අසළට පැමිණි විට අසර් සලාතය සඳහා පිරිස ඉක්මන් වූහ. කඩිමිඩියේම ඔවුන් වුළූ ‌දෝවනය කළහ. අපි ද අවසන් කොට ඔවුන් වෙත සේන්දු වූයෙමු. ජලය නොතැවරුනු ඔවුන්ගේ විළුඹු දිස් ‌වන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "එම විළුඹු හිමියන්ට අපා ගින්නේ විනාශය අත්වේවා! ඔබ වුළූ දෝවනය පූර්ණවත් කරනු මැනව" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උස්මාන් ඉබ්නු අෆ්ෆාන් තුමාගේ සේවකයකු වූ හුම්රාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා (මගෙන්) ජලය ඉල්ලා සිටියේය. පසුව එතුමා එම බඳුනින් තම දෙඅත්ලට ජලය වක් කර තුන් වරක් සෝදා ගෙන; පසුව ජල බඳුනට දකුණත දැමුවේය. පසුව කට කලත්වා නාසයට ජලය යවා හොඳින් පිරිසිදු කළේය. පසුව තම මුහුණ තුන් වරක් සේදූවේය. පසුව තම දෙඅත් වැළමිට දක්වා තුන් වරක් සේදූවේය. පසුව තම හිස (ජලයෙන්) පිරිමැද්දේය. පසුව සෑම පාදයක්ම වළලු කර දක්වා තුන් වරක් සේදූවේය. පසුව හෙතෙම ‘මා මේ කළ වුළූ ධෝවනය මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වුළූ කළ සැටි මම දැක ඇත්තෙමි’ යැයි පැවසීය. තවදුරටත් එතුමා: කවරෙකු මා මේ වුළූ ධෝවනය කළ පරිදි වුළූ ධෝවනය කර, පසුව රකආත් වාර දෙකක් සලාතය ඉටු කර, ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ පව්වලට අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත යැයි පවසා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර, කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ සියලු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ බැහැර වනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක (මුද්දු හතරක) සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්‍රමාණයකින් වුළු ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම මිනිසෙකු (වුළූ) ධෝවනය කළේය. නමුත් ඔහුගේ පාදයේ නියපොත්තක තරම් ඉඩක් අත් හැරී තිබිණ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය දුටුහ. එවිට එතුමා “ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු.” යැයි පැවසූහ. එසේ ඔහු නැවත සිදු කොට පසුව සලාතය ඉටු කළේය.”
එය අනු සාධක හරහා පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.