Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ඔබ මලපහ කිරීමට පැමිණෙන විට, කිබ්ලා දිසාවට මුහුණලා ‌නො සිටින්න. තවද එයට පසුපසලා ද නො සිටින්න. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ හැරෙන්න.” අබූ අය්යූබ් තුමා තවදුරටත්: “අපි සිරියාවට පැමිණියෙමු. එහි කඃබා දෙසට මුහුණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු.‍ එවිට අපි අපගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටියෙමු. තවද අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.” යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම ආහාර නොගන්නා තම කුඩා දරුවා සමග අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඇය පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ දරුවා වාඩි කරවීය. එවිට ඔහු එතුමාණන්ගේ ඇඳුමේ මූත්‍රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. එය සෝදා හැරියේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මම ශ්‍රාවය අධික ලෙස හට ගැනෙන පුද්ගලයකු වූයෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ දියණිය සිටින ස්ථානය ගැන අසන්නට මම ලැජ්ජා වූයෙමි. එනිසා මම අල් මික්දාද් ඉබ්නු අල් අස්වද්ට (ඒ ගැන විමසන මෙන්) නියෝග කළෙමි. එවිට හෙතෙම එතුමාණන්ගෙන් විමසූ විට එතුමාණෝ: (එවැන්නෙකු) ‘ඔහුගේ ලිංගේන්ද්‍රිය සෝදා වුළු ධෝවනය කර ගනු ඇත'යි පැවසීය.” බුහාරි හි සඳහන් වාර්තාවක: ‘වුළූ ධෝවනය කර ගන්න. එමෙන්ම ඔබ ඔබේ ලිංගේන්ද්‍රිය ද පිරිසිදු කර ගන්න' යනුවෙන් වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කෙනෙකුගේ භාජනයේ සුනඛයා පානය කළ විට, එය සත් වතාවක් සෝදා හැරිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාව මදීනාවෙහි එක් වීදියක දී මුණ ගැසුණහ. එවිට ඔහු ජනාබත් තත්ත්වයේ පසු වූ බැවින් ඔහු එතුමාණන්ගෙන් සෙමින් ඈත් වී ගොස්, ස්නානය කර ගත්තේය. එවිට එතුමාණෝ ඔහුව සොයන්නට වූහ. ඔහු එතුමාණන් වෙත පැමිණි කල්හි, එතුමාණෝ: “ඕ අබූ හුරෙයිරා!” ඔබ කොහේ සිටියේ දැ?”යි විමසූහ. "ඕ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ මා මුණ ගැසුණේ මම ජනාබත් තත්ත්වයේ සිටිය දීය. එහෙයින්, මා ස්නානය කරන තෙක් ඔබ සමග අසුන් ගන්නට මම අකමැති වූයෙමි.’ යැයි කීහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “සුබ්හානල්ලාහ් ! (අල්ලාහ් අති පිවිතුරුය.) සැබැවින්ම මුඃමින්වරයෙකු අපිරිසිදු නො වන්නේය” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පිවිසුණහ. එවිට මම මා මෙන් තවත් කොළු ගැටයෙකු සමග ජල බඳුනක් හා රිටක් උසුලා ගෙන සිටියෙමි. පසුව එතුමාණෝ ජලයෙන් පිරිසිදු කර ගත්හ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.