عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
ප්රවර්ග (14)
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
ඉතිරි මූලාශ්ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (79)
“නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මුඅද්දින් (සලාතය සඳහා අරයුම් කරන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කවරෙකු: "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ, වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, රළීතු බිල්ලාහි රබ්බන්, වබිමුහම්මදින් රසූලන්, වබිල් ඉස්ලාමි දීනන්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තාය. ඔහුගේ දූතයාය. යැයි සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපති බවත්, මුහම්මද් දූතයාණන් බවත්, ඉස්ලාමය දහම බවත්, පිළිගතිමි). යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මස්ජිදයට පිවිසුණහ. එවිට මිනිසෙක් පැමිණ සලාත් ඉටු කර, පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට ඒ සඳහා පිළිතුරු දී එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි පවසා සිටියහ. පසුව ඔහු ආපසු හැරී ගොස් පෙර සලාත් ඉටු කළ සේම සලාත් ඉටු කර පැමිණ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි තුන්වරක්ම පවසා සිටියහ. එවිට මිනිසා මෙසේ කීවේය. "ඔබව සත්යය සමඟ එවූ තැනැත්තා මත දිවුරා පවසමි! මට ඊට වඩා මනා ලෙස ඉටු කළ නොහැක. (මා නොදනිමි) ඒ නිසා මට උගන්වන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ සලාත් සඳහා නැගී සිටින විට අල්ලාහු අක්බර් යැයි පවසා තක්බීර් පවසන්න. ඉන්පසු ඔබ සමග ඇති පහසු අල්-කුර්ආන් පාඨ කිහිපයක් පාරායනය කරන්න. පසුව රුකූ ඉරියව්වෙහි තැන්පත් වන තුරු රුකූඋ කරන්න. පසුව ඔබ කෙළින් සිටගෙන සිටිනා තුරු නැගී සිටින්න. පසුව සුජූද්හි ඔබ තැන්පත් වන තුරු සුජූද් කරන්න. ඉන්පසු (හිස) ඉහළට ඔසවා ඔබ ඉඳුමෙහි තැන්පත්වන තුරු වාඩිවෙන්න. මෙය ඔබේ සලාතය පුරාම සිදු කරන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරන දැහැමි දරුවා."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්යයන් ඔහු සතු ය. සියලු ප්රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ෆජ්ර් සලතයේ රකආත් දෙකෙහි "කුල් යා අය්යුහල් කාෆිරූන්..." සහ "කුල් හුවල්ලාහු අහද්..." යන සූරා දෙක පාරායනය කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ ආහාර සාඃ එකක් හෝ අක්ත් හෙවත් කැටි කිරි හා රට ඉඳිවලින් පිසූ ආහාර වර්ගයෙන් සාඃ එකක් හෝ බාර්ලි සාඃ එකක් හෝ රට ඉඳි සාඃ එකක් හෝ මිදි සාඃ එකක් හෝ ලොකු පොඩි, නිදහස් හා වහලුන් සියලු සෑම දෙනා වෙනුවෙන්ම අපි සකාතුල් ෆිත්ර් නිකුත් කරන්නන් ලෙස සිටියෙමු. මුආවියා ඉබ්නු අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හු) තුමා හජ් ඉටු කරන්නෙකු හෝ උම්රා ඉටු කරන්නෙකු ලෙස අප වෙත පැමිණෙන තෙක් අපි එයින් බැහැර නොවූයෙමු. එවිට හෙතෙම මින්බර් වේදිකාවේ සිට ජනයා ඇමතුවේය. ඔහු ජනයාට ඇමතූ කරුණු අතර මෙසේ පවසා සිටියේය: ශාම් දේශීය ධාන්ය වර්ග මුද්දු දෙකක් රට ඉඳි සාඃ දෙකකට සමාන වන්නේය. එවිට ජනයා ද එය පිළිපදින්නට ගත්තෝය. අබූ සඊද් තුමා මෙසේ පවසයි: මා ජීවත්ව සිටින තාක්කල් එවක මා නිකුත් කරමින් සිටියාක් මෙන්ම දිගටම මම නිකුත් කරමින් සිටිමි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.