Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 31 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“යමෙක් මෙලොවදී දඬුවම් ලැබිය යුතු වරදක් කර ඔහුගේ දඬුවම මෙලොවෙහි කල් ඇතිව දෙනු ලැබුවේ නම්, අල්ලාහ් තම ගැත්තාට මතුලොවෙහි එම දඩුවම දෙවන වරට නො දෙන තරමට ඔහු සාධාරණනීය ය. යමෙක් දඬුවම් ලැබිය යුතු වරදක් කර පසුව අල්ලාහ් එය සඟවා ඔහුට සමාව දුන්නේ නම්, ඔහු සමාව දුන් දෙයකට ආපසු යාමට නො හැකි තරම් ත්‍යාගශීලී ය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
“සැබැවින්ම මැතිරීම්, සුරය එල්ලීම් හා වශී ගුරුකම් ෂිර්ක් හෙවත් දේව ආදේශයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“අහෝ ජනයිනි! නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්‍රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සඃද්ගේ මව මිය ගොස් ඇත. වඩාත් උතුම් වන දානය කුමක් දැ?"යි විමසා සිටි විට, එතුමාණෝ "ජලය" වේ යැයි පැවසූහ. පසුව ඔහු ළිදක් හාරා දී "මෙය සඃද්ගේ මව වෙනුවෙන්" යැයි පවසා සිටියේය.
සියලුම සම්ප්‍රේෂණ දාමයන් හරහා හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ජලය කුල්ලතෙයින් ප්‍රමාණයෙන් වී නම් එය කිලිට උසුලන්නේ නැත." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ, ඉබ්නු මාජා සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළපහ කිරීමෙන් පසු බැහැර වූ විටෙක, එතුමාණෝ "ගුෆ්රානක" (ඔබෙන් සමාව අයැද සිටිමි) යැයි පවසන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය නසාඊ අල්කුබ්රාහි වාර්තා කර ඇති අතර ඒ අර්ථයෙන්ම යුත් හදීසයක් ඉබ්නු මාජහ් ද වාර්තා කර ඇත. එමෙන්ම අහ්මද් ද මෙය වාර්තා කර ඇත.