Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 22 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අපි ගුහාවේ සිටිය දී, මම හිස ඔසවමින් බහු දේවවාදී විරෝධීන්ගේ පාද දුටුවෙමි. එවිට මම මෙසේ කීවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන්ගෙන් එක් අයෙකු ඔහුගේ පාද යට බැලුවහොත්, ඔහු අපව ඔහුගේ පාද යටින් දකිනු ඇත.' එතුමාණන් මෙසේ ඇසුවේය: "අහෝ අබු බකර්! ඔබ දෙදෙනෙකු ගැන සිතන්නේ කුමක් ද? අල්ලාහ් තුන්වැන්නා ලෙස සිටී."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණෙන්ගේ සුදු ඔටුවා, එතුමාණන්ගේ ආයුධ සහ පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ කිසිවක් ඉතිරි කර හැරදමා ගියේ නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මරණය ළඟා වූ අවස්ථාවේ එතුමාණන් පවසා සිටි අන්තිම කැමැත්තෙහි පොදුවේ දක්නට ලැබූ ප්‍රකාශය වූයේ "සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!, සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!" යන්නය. එලෙස එතුමාණන්ගේ පපුවේ ගැස්ම උගුරට එන තෙක්ම එසේ සිදු කළහ. එතුමාණන්ගේ දිව ඒ බව උච්චාරණය කිරීමට නොහැකි තරම් විය.
පූර්ව සාධක සහිත හදීසයකි. رواه النسائي في السنن الكبرى وابن ماجه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන්ගෙන් එතුමා රහසේ සිදු කරන නැමදුම් ක්‍රියාවන් පිළිබඳ විමසා සිටියෝය. එවිට ඔවුන්ගෙන් කෙනෙකු මම කාන්තාවන් විවාහ කර නොගනිමි. තවත් කෙනෙකු මම මස් අනුභවර නොකරමි. තවත් කෙනෙකු මම ඇතිරිල්ලක නො නිදමි යැයි පැවසුවේය. පසුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබී එතුමා අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුව පැසසුමට ලක් කර මෙසේ පැවසූහ. ‘මෙලෙස ප්‍රකාශ කළ පිරිසට කුමක් වී තිබේ ද? එනමුදු මම සලාත් කරමි. නිදමි. උපවාසය රකිමි. උපවාසයෙන් මිදෙමි. කාන්තාවන් විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.’
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වයස අවුරුදු හතළිහේ දී එතුමාණන් වෙත දිව්‍ය පණිවිඩ පහළ කරනු ලැබීය. එතුමාණන් මක්කාවේ වසර දහ තුනක් රැඳී සිටි අතර පසුව ඉන් නික්ම යන්නට නියෝග කරනු ලැබීය. එසේ එතුමාණෝ මදීනාවට නික්ම ගොස් එහි වසර දහයක් රැඳී සිට, පසුව මරණයට පත් වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.