Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“නුඹලාගේ කටයුතු සියල්ල එක් මිනිසෙකු මත තිබියදී කවරෙකු හෝ නුඹලා වෙත පැමිණ, නුඹලාගේ සැරයටිය කඩන්නට හෝ නුඹලාගේ එකමුතුකම බිඳින්නට හෝ බලන්නේ නම් නුඹලා ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කරනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම මතුවට අර්බුද මතුවනු ඇත. දැනගන්න, අර්බුදයක් මතු ඇති වන්නේය. එහි ගමන් කරන්නාට වඩා රැඳී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත. ඒ වෙත කැප වන්නාට වඩා එහි වාඩි වී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත. දැනගන්න, එබැවින් එවැන්නක් පහළ වූ විටෙක හෝ සිදු වූ විටෙක, කවරෙකු සතුව ඔටුවෙක් ඇත්තේ ද ඔහු ඔහුගේ ඔටුවා සමග සේන්දු විය යුතුයි. කවරෙකුට එළුවෙකු ඇත්තේ ද ඔහු ඔහුගේ එළුවා සමග සේන්දු විය යුතුයි. කවරෙකුට භූමිභාගයක් ඇත්තේ ද ඔහු එම භූමි භාගය සමග සේන්දු විය යුතුයි. ඒවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, යමෙකුට ඔටුවකු හෝ එළුවෙකු හෝ භූමි භාගයක් හෝ නොමැති නම් ඒ ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔහුගේ අසිපත අතට ගෙන එහි මුවහත ගලකින් දමා ගසා ආරක්ෂාවීමට හැකි පමණින් ඔහු ආරක්ෂා විය යුතුය. අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? 'අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද?' යැයි කීහ. පසුව වාර්තාකරු තවදුරටත් මෙසේ පවසා සිටියේය: එවිට මිනිසෙකු: "අල්ලාහ්ගේ දූතයාණනි, බලඇණි දෙකින් එකකට හෝ කණ්ඩායම් දෙකින් එකකකට හෝ බල කර මා රැගෙන ගොස් මිනිසෙකු ඔහුගේ කඩුවෙන් මට පහර දී හෝ හීයෙන් විද මා ඝාතනය කළේ නම් ඒ ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද?" ඒතුමා "ඔහු ඔහුගේ පාපය මෙන්ම ඔබේ පාපය ද උරුම කරගෙන අපා ගින්නේ සගයන් අතරට පත් වනු ඇත." යැයි පැවුසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සැබැවින්ම නුඹලා මත නායකයින් ක්‍රියාත්මක වනවා ඇත. නුඹලා (ඔවුන්ගේ ඇතැම් ක්රියාවන්) හඳුනන්නෙහුය. තවද නුඹලා පිළිකුල් කරන්නෙහුය. කවරෙකු හඳුනා ගත්තේ ද සැබැවින්ම ඔහු නිදොස් විය. කවරෙකු පිළිකුල් කළේ ද ඔහු ආරක්ෂිත විය. නමුත් කවරෙකු පිළිගෙන අනුගමනය කළේ ද ඔහු විනාශ වී යනු ඇත. ඔවුහු: ඔවුන් සමග අප සටන් කළ යුතු නොවේද? යැයි විමසුවෝය. එතුමාණෝ: ‘නැත, නුඹලා අතර ඔවුන් සලාතය ඉටු කරන තාක්කල්" යනුවෙන් පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්‍යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්‍රතිඥා දුන්නෙමු. අදාළ කටයුත්ත විෂය භාර උදවියගෙන් ඉවත් නොකරන බවටත් අප කොතැනක සිටියත් සත්‍යය ප්‍රකාශ කරන බවටත් අල්ලාහ් විෂයයෙහි දොස් නගන කිසිවකුගේ දොසකට බිය නොවන බවටත් (අපි එතුමාණන්ට ප්‍රතිඥා දුන්නෙමු.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු අවනත වීමෙන් බැහැර වී, ප්‍රජාවෙන් වෙන්ව ගොස් මිය යැදුණේද ඔහු අඥාන කාලයේ මිය ගිය අයකු මෙන් මිය ගොස් ඇත. තවද කවරෙකු නො දුටු ධජයක් යටතේ සටන් වැද, පක්ෂයට හෝ පක්ෂය වෙත ඇරයුම් කිරීමට හෝ පක්ෂයට උදව් කිරීමට හෝ උරණ වී, පසුව ඝාතනය කරනු ලැබුවේ ද එසේ මරණයට පත්වීමත් ජාහිලිය්යා යුගයේ මරණයක් මෙන් වන්නේය. එමෙන්ම කවරෙකු මාගේ ප්‍රජාවට විරුද්ධව බැහැර ව ගොස්, එහි දැහැමියන්ට හා දුෂ්ඨයින්ට පහර දී එහි දේවත්වය විශ්වාස කළවුන්ගෙන් (ඔවුනට හිංසා කිරීමෙන්) ඉවත්ව නොසිට, තමන් සමග ගිවිස ගත් ගිවිසුමක් ඇති අයට එය ඉටු නොකරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවේ. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.