Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 1 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තා වූ ග්‍රන්ථය

වාර්තාකරු

ඔබට පෙර විසූ ජනයා අතර රජකු විය. ඔහු අභියස ඉන්ද්‍රජාලිකයකු ද විය. ඔහු වයෝවෘද්ධ තත්ත්වයට පත් වූ කල්හි, ඔහු රජු අමතා: 'සැබැවින්ම මම වයෝවෘද්ධභාවයට ළඟා වී ඇත්තෙමි. මා වෙත කොළු ගැටයෙකු එවන්න. මම ඔහුට ඉන්ද්‍රජාලය උගන්වන්නම්' යැයි පැවසීය. පසු ව ඉගැන්වීම සඳහා කොළු ගැටයෙකු එවීය. ඔහු යන එන මාර්ගයේ ආගමික විද්වතෙකු ද විය. කොළුවා ඔහු අසළ වාඩි වී ඔහුගේ කතාවට සවන් දුන් අතර එය ඔහුව පුදුමයට පත් කළේය. ඔහු ඉන්ද්‍රජාලිකයා වෙත යන අතරවාරයේ ආගමික විද්වතා පසු කර යයි. එහි ඔහු අසළ වාඩි වෙයි. නමුත් නැවත ඉන්ද්‍රජාලිකයා වෙත ගිය විට ඔහු ඔහුට පහර දෙයි. ඒ ගැන ඔහු එම ආගමික විද්වතාට පැමිණිලි කර සිටියේය. එවිට ඔහු: 'ඔබ ඉන්ද්‍රජාලිකයාට බිය වූ විටෙක මාගේ පවුලේ උදවිය මා රඳවා ගෙන සිටි බව ඔහුට පවසන්න. ඔබේ පවුලට බිය වූ විට ඉන්ද්‍රජාලිකයා මා රඳවා ගෙන සිටි බව පවසන්න.' යැයි පැවසීය. එසේ ඔහු යන එන අතරවාරයේ මිනිසුන්ට බාධා කරමින් සිටි විශාල සතෙකු අසළට පැමිණි විට ඔහු මෙසේ පැවසීය: 'අද දින ඉන්ද්‍රජාලිකයා උතුම් ද එසේ නැතහොත් ආගමික විද්වතා දැ?යි මම දැන ගනිමි.' පසුව ගලක් ගෙන, 'අහෝ දෙවිඳුනි, ආගමික විද්වතාගේ විෂය ඉන්ද්‍රජාලිකයාගේ විෂයට වඩා ඔබ වෙත ප්‍රියමනාප නම්, ජනතාවට ගමන් කළ හැකි පරිදි මෙමගින් මෙම සත්වයා මරා දමන්නැ'යි පවසා එය වීසි කළේය. එවිට ඌ මැරී වැටුණි. ජනතාව ද නිදහසේ ගමන් කරන්නට විය. පසුව ආගමික විද්වතා වෙත පැමිණ, ඒ ගැන දන්වා සිටියේය. එවිට ආගමික විද්වතා ඔහුට: 'අහෝ දරුව! අද දින ඔබ මට වඩා උතුම් ය. මා දකින දෑ ඔබේ විෂය තුළින් ලබා ඇත. සැබැවින්ම ඔබ පරීක්ෂණයට ලක්වනු ඇත. එසේ ඔබ පරීක්ෂණයට ලක් වූයේ නම්, මා පෙන්වා නො දෙන්න.' එම කොළුවා අන්ධයින් හා ලාදුරු රෝගීන් සුව කරන්නට විය. අනෙකුත් ලෙඩ රෝග සඳහා ඔහු මිනිසුනට ප්‍රතිකාර කළේය. රජුගේ අන්ධ සභිකයකු මෙය අසා ඔහු වෙත විශාල වශයෙන් තෑගිභෝග රැගෙනවිත් මෙ‌සේ පවසා සිටියේය: 'ඔබ මා සුව කළෙහි නම්, මේ රැස්කර ඇති දෑ ඔබට ය.' එවිට ඔහු, 'මම කිසිවෙකු සුව නොකරමි. සැබැවින්ම සුව කරන්නේ අල්ලාහ් ය. එහෙයින් ඔබ අල්ලාහ්ව විශ්වාස කළෙහි නම්, මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නම්. ඔහු ඔබට සුවය දෙනු ඇත.' පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කළේය. අල්ලාහ් ඔහුට සුවය දුන්නේය. පසුව ඔහු රජු අසළට පැමිණ ඔහු වාඩි වන පරිදිම ඔහු ළඟ අසුන් ගත්තේය. එවිට රජු ඔහුට මෙසේ පැවසීය. 'ඔබේ බැල්ම ඔබට නැවත දුන්නේ කවු ද?' ඔහු: 'මාගේ පරමාධිපතියාණන්' යැයි පැවසීය. ඔහු: 'ඔබට මා හැර වෙනත් අධිපති කෙනෙකු සිටිත් ද?' යැයි විමසීය. ඔහු: 'මගේ පරමාධිපතියාණන් හා ඔබේ පරමාධිපති යාණන් අල්ලාහ්ය.' යැයි පැවසීය. එවිට ඔහු ඔහුව අල්ලාගෙන කොළු ගැටයා පෙන්වා දෙන තෙක් ඔහුට දඬුවම් කරන්නට ගත්හ. පසුව කොළු ගැටයා ගෙන එන ලදී. එවිට රජු ඔහුට: 'දරුව! අන්ධයින් හා ළාඳුරු රෝගීන් සුව කරන තරම් ඔබ හූනියම ගැන දැනුම ලැබුවෙහි ද? ඔබ මේ මේ දේවල් සිදු කර ඇත්තෙහිය.' යැයි විමසීය. එවිට ඔහු: 'මම කිසිවකු සුව කරන්නේ නැත. සැබැවින්ම සුව කරන්නා අල්ලාහ්ය.' යැය පැවසුවේය. පසුව ඔහු අල්ලාගෙන ආගමික විද්වතා පෙන්වා දෙන තෙක්ම දඬුවම් කළේය. පසුව ආගමික විද්වතා කැඳවාගෙන පැමිණ ඔහුට 'ඔබේ දහමින් හැරෙන්න' යැයි පවසන ලදී. එවිට ඔහු ප්‍රතික්ෂේප කළේය. පසුව කියතක් ගෙන්වා, ඔහුගේ හිස මැද කියත තබා කොටස් දෙකකට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව රජුගේ සභිකයා ගෙන්වා ඔහුට: 'ඔබේ දහමින් හැරෙනු' යැයි පවසනු ලැබූ විට ඔහු ද එය පිටුපෑවේය. පසුව ඔහුගේ හිස මැදින් ද කියත තබා දෙපැත්තට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව කොළු ගැටයා ගෙන්වා ඔහුට 'ඔබේ දහමින් හැරෙනු' යැයි පැවසූ විට ඔහු ද පිටුපෑවේය. පසුව ඔහුගේ සේවකයින් පිරිසකට ඔහුව භාර දී මෙසේ පැවසීය: 'නුඹලා මොහු මේ කන්ද දෙසට ගෙන ගොස් ඔහු සමගම එම කන්දට නැග එහි මුදුණට නුඹලා ලඟා වූ විට, ඔහු ඔහුගේ දහමින් හැරුණේ නම් එසේය. එසේ නොමැති නම්, ඔහුව පහළට විසි කර දමන්න.' පසුව ඔහුව කැටුවාගෙන ඔවුහු එම කන්දට නැග්ගෝය. එවිට ඔහු: 'අහෝ දෙවියනි! ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න.' යැය කීය. එවිට කන්ද ඔවුන් සමග කම්පනය වන්නට ගත්තේය. ඔවුහු ඇද වැටුණෝය. ඔහු ඇවිදිමින් රජු වෙතට පැමිණියේය. එවිට රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදුවූයේ ද?' යැයි විමසීය. එවිට ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය.' යැයි පැවසීය. පසුව ඔහුගේ තවත් සේවක පිරිසකට ඔහුව භාර දී 'ඔහුව කුඩා නැවක නංවාගෙන මුහුද මැදට ඔහුව ගෙන යන්න. ඔහු දහමින් නැවත හැරුණේ නම් එසේය, එසේ නැතහොත් හෙළා දමන්න.' යැයි අණ කළේය. පසුව ඔවුහු ඔහුව රැගෙන ගියෝය. ඔහු: 'දෙවිඳුනි, ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න' යැයි පැවසීය. පසුව නැව ඔවුන් සමගම පෙරළී ගොස් ඔවුහු ගිලුණෝය. පසුව ඔහු රජු වෙතට ඇවිදිමින් ආවේය. රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදු වූයේ ද?' යැයි විමසුවේය. ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය.' යැයි කීය. පසුව ඔහු රජුට: 'සැබැවින්ම මා ඔබට නියෝග කරන පරිදි ඔබ සිදු කරන තෙක් ඔබ මා ඝාතනය කළ නොහැක.් යැයි කීය. ඔහු: 'ඒ කුමක් ද' යැයි විමසීය. ඔහු: 'ඔබ එක් උස් ස්ථානයකට ජනතාව කැඳවා, කඳක මා ගැට ගසා, පසුව මාගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව එම හීය දුන්න මැද තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපති යාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව මට විදින්න. එසේ ඔබ සිදු කළ විට, ඔබට මා ඝාතනය කළ හැක 'යැයි පැවසීය. පසුව උස් තැනකට ජනතාව එක්රැස් කර, කඳක ඔහු බැඳ, පසුව ඔහුගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව දුන්න මැද එය තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතියාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව විද්දේය. ඔහුගේ නළලට හී සැර වැදුණේය. ඔහු, අත හීය වැඳුනු ස්ථානයේ නළල මත තබා ගනිමින් මිය ගියේය. එවිට මිනිසුන්: 'ආමන්නා බිරබ්බිල් ගුලාම්, ආමන්නා බිරබ්බිල් ගුලාම්,'ආමන්නා බිරබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු යැයි තුන්වරක්) පැවසුවෝය. පසුව රජු ගෙන්වා ඔහුට මෙසේ පවසන ලදී. "ඔබ කවර කරුණක් ගැන ප්‍රවේසමෙන් සිටියේ ද එය ඔබ දුටුවෙහි ද? සැබැවින්ම අල්ලාහ් මත දිවුරා, ඔබ බිය වූ දෑ ඔබට පහළ වී ඇත. සැබැවින්ම මිනිසුන් විශ්වාස කළෝය.' පසුව වීදි අතර වලවල් හාරන්නට නියෝග කළේය. පසුව වළවල් හාරන ලදී. තවද ගිනි අවුලන්නට විය. තවද හෙතෙම මෙසේ පැවසීය: 'කවරෙකු ඔහුගේ දහමින් බැහැර නොවූයේ ද ඔහුව එහි පුළුස්සා දමන්න. එසේ නැතහොත් හෙළා දමන්න.' අවසානයේ කාන්තාවකගේ අවස්ථාව පැමිණෙන තෙක්ම ඔවුහු එසේ සිදු කළෝය. ඇය සමග බිළිඳෙකු විය. ඇය එහි වැටෙන්නට අදිමදි කළාය. එවිට බිළිඳා ඇයට: 'මෑණියනි! ඔබ ඉවසන්න. සැබැවින්ම ඔබ සිටින්නේ සත්‍යය මතය.' යැයි කීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.