Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත." පසුව (ආලු ඉම්රාන් 135 වැනි) පාඨය කියවා පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නොවෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
"ඇත්ත වශයෙන්ම, සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත. නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත. හිමිවන කොටස ඔහු (ඇතැමුන්ට) පහත් කරයි; (ඇතැමුන්ට) උසස් කරයි. රාත්‍රියේ ක්‍රියාව දහවලේ ක්‍රියාවට පෙර ද දහවලේ ක්‍රියාව රාත්‍රියේ ක්‍රියාවට පෙර ද ඔහු වෙත ආරෝහණය කරනු ලැබේ. ඔහුගේ ආවරණය ආලෝකයයි. - තවත් වාර්තාවක් අනුව, ගින්නයි - ඔහු එය නිරාවරණය කළේ නම්, ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ බැල්ම කවර මැවීමක් වෙත ළඟා වන්නේ ද ඒ සියල්ල පුළුස්සා දමනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ට කිසිවක් ඔබ ආදේශ නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නොහැසිරෙන බවටත්, ඔබේ දරුවන් ඔබ මරා නොදමන බවටත්, ඔබේ අත් හා ඔබේ පාද අතර ඔබ ගොතන අවලාද ගෙන නොයන බවටත්, යහපත් කටයුතුවලදී පිටු නොපාන බවටත් ඔබ මට ප්‍රතිඥා දෙන්න. ඔබ අතරින් කිසිවකු හෝ මෙය ඉටු කළේ නම්, ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් මත වන්නේය. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කළේ ද මෙලොවෙහි දඬුවම් කරනු ලබන අතර එය ඔහුට ප්‍රතිකර්මයක් වේ. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට පසුව අල්ලාහ් එය වසන් කළේ ද එය අල්ලාහ් වෙත වූවකි. ඔහු අභිමත කළේ නම් ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුට දඬුවම් කරනු ඇත." පසුව අපි ඒ සඳහා එතුමාණන්ට දිවුරුම් දුන්නෙමු.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ් තහනම් කර ඇති මෙම අපිරිසිදුකමින් ඔබ වැළකී සිටින්න. එහෙයින් කවරෙකු මෙම දේවල් සිදු කළේ ද අල්ලාහ්ගේ ආවරණයෙන් ඔහු සඟවා ගත යුතු අතර අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත විය යුතුය. කවරෙකු තම පාපය අපට හෙළි කරන්නේ ද අපි ඔහු වෙත සර්වබලධාරී අල්ලාහ්ගේ නියමය ක්‍රියාත්මක කරන්නෙමු."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය හාකිම් හා බයිහකී විසින් වාර්තා කොට ඇත.
"සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් දහවල් කාලයේ පාපකම් කරන්නා පාපක්ෂමාව අයදිනු පිණිස තම අත රාත්‍රියේ දිගු හරියි. රාත්‍රී කාලයේ පාපකම් කරන්නා පාපක්ෂාම අයදිනු පිණිස තම අත දහවල් කාලයේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.