عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
ඉතිරි මූලාශ්ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (59)
“කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින පහකට පෙර කළ ප්රකාශයකට මම සවන් දුන්නෙමි. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔබ අතරින් කිසිවෙකු සමීප මිතුරෙකු වීමෙන් අල්ලාහ් වෙත මම නිදොස් වූයෙමි. හේතුව සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාව සමීප මිතුරෙකු ලෙස තෝරාගත් සේම මාව ද සමීප මිතුරෙකු බවට ඔහු තෝරා ගෙන ඇත. මාගේ සමූහයා අතරින් මා සමීප මිතුරෙකු තෝරා ගන්නේ නම්, අබූ බක්ර් තුමාව මා සමීප මිතුරෙකු ලෙස තෝරා ගන්නට තිබුණි. දැනගන්න. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ හා ඔවුන්ගේ දැහැමියන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගනිමින් සිටියෝය. දැනගන්න! නුඹලා මිනිවලවල් දේවස්ථාන බට පත් කර නොගන්න. සැබැවින්ම මම නුඹලා එයින් වළක්වමි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අන්සාර් වරුන් විෂයයෙහි මෙසේ පැවසූහ. "දේවත්වය විශ්වාස කළ අයකු හැර වෙනත් කිසිවෙක් ඔවුනට ආදරය කරන්නේ නැත. කුහකයකු හැර වෙනත් කිසිවෙක් ඔවුන් සමග උරණ වන්නේ නැත. කවරෙකු ඔවුනට ආදරය කරන්නේ ද අල්ලාහ් ඔහුට ආදරය කරනු ඇත. කවරෙකු ඔවුන් සමග උරණ වන්නේ ද අල්ලාහ් ද ඔහු සමග උරණ වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ වක්තෘවරුන් අතුරින් මිනිසුන් ඔහු විශ්වාස කිරීමට හේතු වූ, (ප්රාතිහාර්යක්) පිරිනමනු ලැබ, මිනිස් වර්ගයා එය විශ්වාස කළ කිසිම වක්තෘවරයෙක් නොවීය. මට දෙනු ලැබ ඇත්තේ මා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්ය පණිවිඩයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතුරින් බහුතරයක් දෙනා මා අනුගමනය කරන අය වීම ගැන මම අපේක්ෂා කරමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි! පිවිතුරු දැයින් අනුභව කරනු, දැහැමි ක්රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කරන්නනි! අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පවසා සිටියහ. පසුව තම හිසකෙස් අවුල් වී ගිය, දිගු ගමනක නිරත වන මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දෑත් අහස දෙසට දිගු කොට. ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!' යැයි ප්රාර්ථනා කරයි. නමුත් ඔහුගේ ආහාරය අනුමත නොවූවකි. ඔහුගේ පානය අනුමත නොවූවකි. ඔහුගේ ඇඳුම අනුමත නොවූවකි. ඔහු අනුමත නොවන හරාම් දැයින් වැඩී ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිළිතුරු සපයනු ලබනුයේ කෙසේද?' යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම අල්ලාහ් ගැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි: 'සැබැවින්ම, මම පුද්ගලයකුට ආදරය කරමි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, ජිබ්රීල් ඔහුට ආදරය කරයි. පසුව අහස් වැසියන්ට ද මෙසේ නිවේදනය කර සිටියි: 'සැබවින්ම, අල්ලාහ් පුද්ගලයකුට ආදරය කර ඇත; එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න;' එවිට අහස් වාසීහු (දේවදූතයන්) ආදරය කරති. පසුව පොළොවේ පිළිගැනීම ඔහුට නියම කරනු ඇත. අල්ලාහ් ගැත්තෙකුට වෛර කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ කියයි: 'මම පුද්ගලයකුට වෛර කරමි, ඔබ ද ඔහුට වෛර කරන්න.' ඒ අනුව ජිබ්රීල් ද ඔහුට වෛර කරනු ඇත. පසුව ජිබ්රීල් අහස් වාසීන් අමතා මෙසේ නිවේදනය කරයි: 'සැබැවින්ම අල්ලාහ් පුද්ගලයකුට වෛර කර ඇත. ඒ නිසා ඔබ ද ඔහුට වෛර කරන්න.' එවිට ඔවුහු ද ඔහුට වෛර කරති. එවිට පොළොවෙහි වෛරය ඔහුට නියම වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. සහීහ් මුස්ලිම්
"සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්රහණය කළ විට ඔහුව අත් නොහරියි." යැයි පවසා පසුව "තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්රහණය කළ විට, ඔහුගේ ග්රහණය එලෙසම වේ. නියත වශයෙන්ම ඔහුගේ ග්රහණය දැඩි වේදනා සහගතය." යන (හූද්: 102 වැනි) පාඨය පාරායනය කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.