عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
ඉතිරි මූලාශ්ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (59)
"මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්යාධාර භාර නො ගනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මිනිසුන්, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දරා සලාතය විධිමත්ව ඉටු කර, සකාත් ද පිරිනමන තෙක් ඔවුන් සමග අරගල කරන මෙන් මම අණ කරනු ලැබුවෙමි. එසේ ඔවුන් ඒවා සිදු කළේ නම්, ඉස්ලාමයේ ඇති උරුමයක් වෙනුවෙන් හැරෙන්නට ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ දේපළ ඔවුහු මගෙන් ආරක්ෂා කර ගත්තෝය. ඔවුන්ගේ විනිශ්චය ඇත්තේ උත්තරීතර අල්ලාහ් අබියසය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
හෙතෙම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "දේවත්වය ප්රතික්ෂේප කළ ප්රචණ්ඩකාරී මිනිසෙකු මා හමු වී අපි එකිනෙකා සටන් වැද මගේ අත් දෙකින් එක් අතකට ඔහු කඩුවෙන් පහර දී එය කපා වෙන් කළේය. පසුව ඔහු මගෙන් පළා ගොස් ගසකට මුවා වී පසුව 'මම අල්ලාහ්ට යටත් වෙමි' යැයි පවසයි. අල්ලාහ්ගේ දූතයාණනි! එසේ ඔහු පැවසූ පසුව ඔහුව මා මරා දැමීම ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසුවේය. එවිට එතුමා “ඔබ ඔහු මරා නොදැමිය යුතුය” යැයි පැවසූහ. පසුව මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු මගේ අත් දෙකින් එකක් කපා ඇත. ඔහු එසේ එය පවසා සිටියේ කපා දැමුවායින් පසුවය? යැයි පවසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. එසේ ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු, ඔබ මරා දැමීමට පෙර ඔබ සිටි තත්ත්වයේ ඔහු වන්නේය. එමෙන්ම ඔබ, ඔහු ප්රකාශ කළ වදන ඔහු ප්රකාශ කිරීමට පෙර ඔහු සිටි තත්ත්වයේ ඔබ වන්නෙහිය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණොා් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උත්තරීතර තම පරමාධිපති ගැන දන්වා සිටියදී මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ හා අයහපත් දෑ ලියා ඇත්තේය. පසු ව ඔහු ඒවා පැහැදිළි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගැන සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතා පසුව එය සිදු නොකළේ නම්, අල්ලාහ් ඔහු අබියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ නම් අල්ලාහ් එක් පාපයක් ලෙස සටහන් කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මම ඔබට කවර දෙයක් තහනම් කළේ ද ඉන් ඔබ වැළකී සිටිනු. මම ඔබට කවර දෙයක් නියම කළේ ද ඉන් ඔබට හැකි පමණින් ඉටු කරනු. ඔබට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන්ගේ වක්තෘවරුන් පිළිබඳව ඔවුන් තුළ තිබූ මතභේදය නිසාය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
හෙතෙම සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් සමග ඇතැම් ගමන් බිමන් හි නිරත වී ඇති බව පවසා, "ජනයා ඔවුන්ගේ නවාතැන්හි සිටිය දී- එතුමා ‘එකදු කර පටියක් හෝ වලල්ලක් හෝ ඔටුවාගේ බෙල්ලේ ඉතිරි වන්නට ඉඩ නොහරින මෙන් පවසා දූතයකු එවා සිටියහ." යැයි දන්වා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත සිරකරුවන් පැමිණියෝය. එවිට සිරකරුවන් අතර කාන්තාවක් සිටියා ය. ඇය සිරකරුවන් අතර සිටින ඇගේ දරුවා දුටු වහාම ඔහු රැගෙන ඇගේ කුසට තුරුල් කර ගනිමින් ඔහුට කිරි පොවන්නට වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: “මෙම කාන්තාව ඇගේ දරුවා නිරා ගින්නට විසි කරනු ඇතැයි ඔබ සිතන්නෙහුද?“ යැයි විමසූහ. අපි: "නැත, ඇයට ඔහුව ඉවත දැමිය නොහැක" යැයි පිළිතුරු දුනිමු. එවිට එතුමාණෝ: “ඇය මේ දරුවාට දැක් වූ ආදරයට වඩා අල්ලාහ් තම ගැත්තාට ඉතා ආදරවන්තය.“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඉබ්නු ජුද්ආන් (නම් කෙකේ) "ජාහිලිය්යා" නම් අඥාන කාලයේ ඥාති සම්බන්ධකම් රකිමින්, දුප්පතුන්ට ආහාර සපයමින් සිටියේය. එය ඔහුට ප්රයෝජනවත් වන්නේ ද?" යැයි මම විමසුවෙමි. එතුමාණෝ: "ඔහුට ප්රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහු කිසි දිනක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ දී මාගේ වැරදි වලට මට සමාව දෙනු මැනව' යැයි පවසා සිටියේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.