Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 99 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.” යැයි පවසති. එවිට ඔහු: “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනමමි.” යැයි පවසයි. ඔවුහු: “අහෝ පරමාධිපතියාණනි! මීටත් වඩා උතුම් වනුයේ කුමන කරුණක් ද?” යැයි විමසති. එවිට ඔහු. “මාගේ තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "එසේ නොවීනම්, එතුමාණන්ගේ මිනීවල හෙළි කරනු ලබන්නට තිබුණි. නමුත් එතුමා එය නැමදුම් ස්ථානයක් ලෙස ගනු ලැබීම ගැන බිය වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන චෝදනා නොකළ යුතුයි. දේව ප්‍රතික්ෂේප (කුෆ්ර්) ගැන චෝදනා නොකළ යුතුයි. (එසේ චෝදනාවට ලක්වූ) අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කරුණු හතරක් ඇත. කවර කෙනෙකු තුළ ඒවා පිහිටා ඇත්තේ ද ඔහු සැබෑ කුහකයකු විය. කවරෙකු තුළ ඉන් කොටසක් ඇත්තේ ද, එය අත්හැර දමන තෙක් කුහකත්වයේ කොටසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතා කළ විට බොරු කතා කරයි. ඔහු ගිවිසගත් විට එය උල්ලංඝනය කරයි. ඔහු පොරොන්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හැසිරේ.“
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සමීප වී විධිමත්ව කටයුතු කරනු. ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු ඔහුගේ ක්‍රියාවෙන් පමණක් ජය නො ලබන බව දැන ගනු." ඔවුහු අල්ලාහ්ගේ දූතයාණනි! ඔබත් එසේ නො වන්නෙහි?" යැයි විමසුවෝය. එතුමාණෝ: "අල්ලාහ්ගේ කරුණාව හා භාග්‍යය තුළින් ඔහු මා ආවරණය කිරීමෙන් මිස මම ද එසේ නොවෙමි" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට කාන්තාවන් වැඩිවීම යනාදිය අවසන් හෝරාවේ සළකුණු අතරින් වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය මේ ප්‍රමාණයට විවෘත වී ඇත.” යැයි එතුමා තම මහපට ඇඟිල්ල හා ඊට පරව ඇති ඇඟිල්ල රවුම් කොට පෙන්වුහ. එවිට මම: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතර දැහැමියන් සිටියදී අප විනාශ කරනු ලබන්නෙමු ද?" යැයි විමසා සිටියෙමි යැයි ඇය පැවසුවාය. එතුමා: “ඔව්, නපුර අධික වූ විට” යැයි එතුමා පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.