Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 21 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මුස්ලිම්වරයාට බැන වැදීම දුෂ්ටකමකි. ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"නියත වශයෙන්ම, අල්ලාහ් මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට වධ හිංසා කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අනුමානය (සැකය) ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැබැවින්ම අනුමානය කතාවෙන් වඩාත් ව්‍යාජය. ඔබ රහස්‍ය දෑට සවන් නො දෙන්න. විපරම් නො කරන්න. එකිනෙකාට ඊර්ෂ්‍යා නො කරන්න. එකිනෙකාට පිටුපාමින් කටයුතු නො කරන්න. එකිනෙකාට ක්‍රෝධයෙන් කටයුතු නො කරන්න. ඔබ සැම අල්ලාග්ගේ ගැත්තන් ලෙස සහෝදරයින් සේ සිටින්න"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අපි යුද්දයකට සහභාගී වී සිටියෙමු. මුහාජිරීන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුට පහරක් දුන්නේය. එවිට අන්සාරිවරයා: අහෝ අන්සාරිවරුනි, යැයි ඇමතූ අතර මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ඇමතුවේය. අල්ලාහ් එය තම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ඇහෙන්නට සැළැස්වීය. එතුමණෝ: "මේ කුමක් ද?" යැයි විමසූහ. එවිට ඔවුහු මුහාජිරින් වරුන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුගේ පසුපසට පහර දුන් බවත් අන්සාර් වරයා: අහෝ අන්සාර් වරුනි, යැයි ද මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ද ඇමතූ බවත් පවසා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "එය අත්හැර දමන්න. සැබැවින්ම එය දුර් ගන්ධයකි" යැයි පැවසූහ. ජාබිර් තුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට අන්සාරිවරුන් බහුලව සිටි අතර ඉන් පසුව මුහාජිර් වරුන්ගේ සංඛ්‍යාව වැඩි වැඩිවන්නට විය. එවිට අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි: "ගිනි ඇවිලී ඇත. ඔවුන් මෙසේ සිදු කළේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. අපි මදීනාවට හැරී ගියේ නම්, ප්‍රභූවරුන් පහත් අයව ඉන් පිටුවහල් කළ යුතු වේ" යැයි පැවසීය. එවිට උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, එම කුහකයාගේ ගෙල සිදලන්නට මා අත්හරින්න" යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා. "ඔහුව අත්හරින්න. මුහම්මද් තම සගයින් මරා දමන බවට මිනිසුන් කතා නොකළ යුතුය" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටියෙමි. මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල නහර ද පිම්ඹී තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.” යැයි පැවසූහ. පසුව ඔවුහු ඔහුට: සැබැවින්ම ඔබ ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි බව සැළ කර සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද? යැයි පවසා සිටි බවත් සඳහන් වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.