Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 18 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“නියම ලෙස අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග කාන්තාවක් මා වෙත පැමිණ යමක් ඉල්ලා සිටියාය. එක් රට ඉඳි ගෙඩියක් හැර වෙනත් කිසිවක් මා ළඟ තිබුණේ නැත. එය මම ඇයට දුනිමි. ඇය එය දරුවන් දෙදෙනා අතර බෙදු දුන්නාය. පසුව නැගිට පිටව ගියාය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අතුළට පැමිණි අතර ඇය එතුමාණන් සමග මේ ගැන කතා කළා ය. එවිට එතුමාණෝ "මෙම ගැහැණු දරුවන්ගේ කටයුත්තක් කවරෙකු භාරගෙන ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කළේ ද ඔහුට අපා ගින්නෙන් වූ ආවරණයක් බවට ඔවුන් පත් වනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසුනට ණය දෙන පුද්ගලයෙකු විය. ඔහු තම ගෝලයාට: "ඔබ වෙත දුෂ්කර කෙනෙක් පැමිණි විට, ඔහුගෙන් එය නොසලකා හරින්න. අල්ලාහ් අපව (අපගේ පාපකම්) නොසලකා හරිනු ඇත" යැයි පවසා සිටියේය. එලෙස ඔහු අල්ලාහ්ම මුණ ගැසෙයි. අල්ලාහ් ඔහුව නොසලකා හැර පාපක්ෂමාව පිරිනමයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සපයන්න, රෝගීන් බැහදැක සුවදුක් විමන්න. සහ සිරකරුවා නිදහස් කරන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බුහාරි අල්-අදබ් අල්-මුෆ්රද් හි ද, ඉමාම් අහ්මද් සහ ඉමාම් බයිහකී විසින් වාර්තා කර ඇත.