عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
ඉතිරි මූලාශ්ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (72)
අම්මාර් ඉබ්නු යාසිර් තුමා මස්ජිදයට පිවිස සලාතය ඉටු කරනු මම දුටුවෙමි. එවිට හෙතෙම සලාතය සැහැල්ලුවෙන් ඉටු කළහ. හෙතෙම තවදුරටත් මෙසේ පැවසීය: එතුමා පිටත්ව ගිය කල්හි එතුමා ඉදිරියේ නැගිට සිට 'අහෝ අබූ යක්ළාන්, ඔබ සලාතය සැහැල්ලුවෙන් ඉටු කළෙහිය.' යැයි කීවෙමි. එතුමා: "එහි සීමාවන් අතරින් කිසිවක් හෝ මම අඩු කරනු ඔබ දුටුවෙහි ද? යැයි ඇසීය. මම "නැත" යැයි පැවසුවෙමි. ඔහු: 'සැබැවින්ම මම ෂෙයිතාන්ව මඟහරවා ගන්නට එය ඉක්මණින් කළෙමි' යැයි පවසා, "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටිනු මම අසා ඇත්තෙමි. "සැබැවින්ම ගැත්තා සලාතය ඉටු කරයි. නමුත් ඔහුට ඒ සඳහා කුසල් සටහන් කරනු ලබනුයේ දහයෙන් එකක්, නවයෙන් එකක්, අටෙන් එකක්, හතෙන් එකක්, හයෙන් එකක්, පහෙන් එකක්, හතරෙන් එකක්, තුනෙන් එකක් හා අඩක් වශයෙනි." යැයි කීහ.
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
“දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ කරුණ පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවත්වය විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට හිමි නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එය ද ඔහුට යහපත් වන්නේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත." පසුව (ආලු ඉම්රාන් 135 වැනි) පාඨය කියවා පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නොවෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඇඹරුම් ගල හේතුවෙන් ඇගේ අතෙහි හට ගෙන තිබූ වේදනාව සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. එතුමාණන් වෙත වහලුන් ගෙනැවිත් ඇති බව ඇයට දැනගන්නට ලැබුණ ද එතුමාණන්ව මුණ ගැසෙන්නට ඇයට ලැබුණේ නැත. පසුව ඇය ඒ ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට මතක් කර සිටියාය. එතුමාණන් පැමිණි විට ආඉෂා තුමිය ඒ ගැන එතුමාණන්ට දන්වා සිටියා ය. තවදුරටත් ඔහු මෙසේ ප්රකාශ කර සිටියේය. "අපි නිදියහයනට පැමිණ සිටිය දී එතුමාණෝ අප වෙත පැමිණියහ. අප ද නැගිටින්නට ගියෙමු. පසුව එතුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඔබ දෙපල ඉන්න තැනම ඉන්න." පසුව එතුමාණෝ පැමිණ මා හා ඇය අතර වාඩි වූහ. එතුමාණන්ගේ පාද දෙකෙහි සීතළ මාගේ කුසට දැනෙන තරමට විය. එවිට එතුමාණෝ "ඔබ දෙපළ ඉල්ලා සිටින දෑට වඩා ශ්රේෂ්ට යමක් මා ඔබ දෙපළට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියහ. "එසේ නම් ඔබ දෙපළ ඔබ දෙපළගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න. තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. සේවකයකුට වඩා එය ඔබ දෙපළට උතුම් වේ." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වේදනාවකදී: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත." යැයි පවසන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට යමක් පිරිනමන මෙන් ඉල්ලා සිටියෙමි. එතුමාණෝ මට දුන්හ. නැවතත් ඉල්ලා සිටියෙමි. එවිට ද දුන්හ. පසුව මා අමතා: අහෝ හකීම්! නියත වශයෙන්ම මෙම වස්තූන් සාරවත් හා මිහිරිය. නමුත් කවරෙකු එය ආශාවෙන් තොරව ලබාගන්නේද එයින් ඔහුට සමෘද්ධිය ඇති වේ. කවරෙක් එය කෑදර කමින් ලබා ගන්නේද එයින් ඔහුට සමෘධිය ඇති නොවේ. එවිට ඔහු ආහාර අනුභව කළ ද කුස නොපිරැණු කෙනෙකු මෙන් වන්නේය. ඉහළ තිබෙන අත පහළ තිබෙන අතට වඩා උසස් වේ" යැයි පැවසූහ. පසුව හකීම්, "මම මෙසේ පැවසුවෙමි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සත්යය සමග එවූ අය මත දිවුරා පවසමි. ඔබ තුමාගෙන් පසුව මම මෙලොවින් සමුගන්නා තුරු කිසිවෙකුගෙන් කිසිවෙක් නොඉල්ලමී' යැයි පැවසීය. පසු කාලීනව අබූබක්කර් (රළියල්ලාහු අන්හු) තුමා පොදු භාණ්ඩාගාරයෙන් හකීම් (රලියල්ලාහු අන්හු) තුමාට දීමනාවක් දීම සදහා කැදවූව ද ඔහු ඉන් කිසිවක් ලබා ගැනීම ප්රතික්ෂේප කළේය. ඉන් පසු උමර් (රලියල්ලාහු අන්හු) තුමා ඔහුට යම් දීමනාවක් දෙන්නට ඇරයුම් කළේය. එවිට ද එය පිළිගන්නට හෙතෙම ප්රතික්ෂේප කළේය. එවිට එතුමා මෙසේ පවසා සිටියහ: 'අහෝ මුස්ලිම්වරුනි! සටන් නොකර ලබා ගත් මෙම වස්තූවේ අල්ලාහ් තීරණය කළ හකීම්ගේ කොටස මා ලබා දීමට ඉදිරිපත් වුණෙමී. එවිට ඔහු එය බාරගැනීමට ප්රතික්ෂේප කර ඇත. (මෙයට ඔබලා සාක්ෂි දරන්න) යැයි පැවසුවේය. හකීම් (රලියල්ලාහු අන්හු) තුමා නබි තුමාණන්ගෙන් පසුව තමන් මිය යන තෙක්ම අන් අයෙගන් කිසිවක් ලබා නොගත්තේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට
اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ
‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු.
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.