Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 53 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මුස්ලිම්වරයාගේ වේට්ටිය කෙණ්ඩයේ අඩක් දක්වා විය යුතුය. ඒ අතර හා වළලු කර අතර පවතින දෑහි වරදක් නැත. නමුත් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකාරයෙන් යුතුව බිම ගාවමින් ඇද ගෙන යන්නේද, අල්ලාහ් ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලන්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරුණු හතක් අපට නියම කළ අතර තවත් කරුණු හතකින් අප වැළැක්වූහ. රෝගියාගේ සුවදුක් විමසීම, ජනාසා කටයුතුවලට සහභාගිවී , කිවිසුම් ගිය තැනැත්තාට ප්‍රාර්ථනා කිරීම, දිවුරුම හෝ දිවුරන්නා නිදොස් කිරීම, අසාධාරණයට ලක්වූවන්ට උපකාර කිරීම, ඇරයුම් කරන්නාට පිළිතුරු දීම, සලාමය පතුරුවා හැරීම යනාදිය අපට අණ කළ අතර රන් මුදු පැළඳීම, රන් මුද්‍රා සෑදීම, රිදී භාජනවල පානය කිරීම, සේද සෑදල මත වාඩි වීම, 'කස්සීය්යි' නම් සේද මිශ්‍ර ලිනන් වලින් සාදන ලද ඇඳුම් ඇඳීමෙන්, සේද රෙදි, 'ඉස්තබ්රක්' නම් ඝන සේද රෙදි හා 'දීජාබ්' නම් මිල අධික විශිෂ්ට ඝනයේ සේද රෙදි ඇඳීමෙන් අප වැළැක්වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) රෝගියකුගේ සුවදුක් විමසීමට පැමිණි විට, එතුමාණෝ ඔහුට මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ: أَذْهِبِ الْبَاسَ، رَبَّ النَّاسِ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا "අද්හිබිල් බඃස රබ්බන් නාසි, වෂ්ෆි අන්තෂ්-ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ෂිෆාඅ ලා යුගාදිරු සකමා" (අහෝ මිනිසුන්ගේ පරමාධිපතියාණනි! දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවය අත්හැර නො දමන සුවයකි.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ ඈනුම් හැරිය විට, ඔහු තම අත තම කට මත තබා වළක්වා ගත යුතුයි. මක්නිසාදයත් ෂෙයිතාන් පිවිසෙන බැවිනි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සුවඳ විලවුන් ප්‍රතික්ෂේක නො කරන්නෙකු වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මස්ජිදයේ ඉඃතිකාෆ් (රැඳී) සිටියහ. එවිට එතුමාණෝ අල්-කුර් ආනය හඬ නගා පරායනා කරනු ඔවුනට සවන් දුන්හ. පසුව තිරය ඉවත් කොට මෙසේ පැවසූහ: දැන ගන්න ඔබ සෑම කෙනෙකුම තම පරමාධිපති සමග සම්බන්ධතා පවත්වන්නෙහිය. එහෙයින් ඔබ කිසිවෙක් කිසිවෙකුට කරදර නො කළ යුතුය. අල් කුර්ආන් පාරායනයෙහි -එසේ නැතහොත් සලාතයේ දී- ඔබ කිසිවෙක් කිසිවෙකුට වඩා උස් හඬින් පාරායනය නොකළ යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
"මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පහකි: සලාමයට ප්‍රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, මිය ගිය තැනැත්තන්ගේ අවසන් කටයුතු පිළිපැදීම, ආරාධනයට පිළිතුරුදීම, කිඹුුහුම් ගිය කෙනා (අල්ලාහ්ව ප්‍රශංසා කළ වි)ට ප්‍රාර්ථනා කිරීම."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.