Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 53 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.
“යුදෙව්වන් හා කිතුනුවන් කෙරහි නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු. ඔවුන් මාර්ගයේ සිටිනු නුඹලා දුටු විට ඔවුන් එහි කෙළවරින් ගමන් කිරීමට සළස්වනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කෙනෙකු මූත්‍රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය. (පානය කරන) භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පැවසීය: ආදම්ගේ පුතණුවන් මට හිංසා කරන්නේය. මම කාලය වී සිටිය දී ඔහු කාලයට බැණ වදී. සියලු කටයුතු ඇත්තේ මා සන්තකයේය. රාත්‍රිය හා දහවල මම පෙරළමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
එතුමාණෝ: "කේළම යනු කුමක්දැයි ඔබ දන්නෙහු ද?’ යැයි විමසා සිටියහ. ‘මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයා’ බව ඔවුහු පවසා සිටියෝය. එතුමාණෝ: ‘ඔබේ සහෝදරයා ගැන ඔහු පිළිකුල් කරන යමක් ඔබ මෙනෙහි කිරීමයි.’ යනුවෙන් පැවසූහ. ‘මා පවසන දෑ මාගේ සහෝදරයා තුළ වී නම් ඔබේ අදහස කුමක්දැ?’යි එතුමාණන්ගෙන් විමසන ලදී. එතුමාණෝ: ඔබ පවසන දෑ ඔහු තුළ තිබෙන්නේ නම්, සැබැවින්ම ඔබ ඔහු ගැන කෙළම් කියා ඇත්තෙහිය. එය නොවී නම් සැබැවින්ම ඔබ ඔහු ගැන අවලාදයක් නගා ඇත්තෙහිය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ උකුලේ වැඩුණු කොලුුවෙක් වූයෙමි. මාගේ අත බන්දේසිය වටේ සැරිසරමින් තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මට “දරුවා! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න.” යැයි පැවසූහ. ඉන්පසු මගේ ආහාර වේල එසේම විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.