Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 50 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හමින් සාදන ලද පාවහන් දෙක ගලවන්නට බැස්සෙමි. එවිට එතුමාණෝ: "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි" යැයි පවසා පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම අල් කුර්ආනය සමග බැඳුණු තැනැත්තා බැඳ දමන ලද ඔටු හිමිකරුවකු මෙනි. ඔහු ඔවුන්ට සලකන්නේ නම් ඔහු ඔවුන්ව රඳවාගනු ඇත. ඔහු ඔවුන්ව අතහැර දැමුවේ නම්, ඔවුන් පළා යනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට නිදා ගැනීමට අවශ්‍ය වූ විට, එතුමාණන් තම දකුණු අත කම්මුල යට තබාගෙන මෙසේ කියනු ඇත: اللَّهُمَّ قِنِي عَذَابَكَ يَوْمَ تَجْمَعُ أَوْ تَبْعَثُ عِبَادَكَ "අල්ලාහුම්ම කිනී අදාබක යව්ම තජ්මඋ අව් තබ්අස් ඉබාදක" (අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තන් එකට රැස් කරන හෝ ඔබ යළි අවදි කරන දිනයේ ඔබේ දඬුවමින් මා ආරක්ෂා කරනු මැනව!)
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ ආහාර ගන්නා විට, ඔහුගේ දකුණතින් ඔහු අනුභව කළ යුතුය. ඔහුගේ දකුණතින් පානය කළ යුතුය. සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ වමතින් ආහාරය ගනියි. ඔහුගේ වමතින් පානය කරයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
කවර තැනැත්තෙක් හෝ තම සහෝදරයාට අහෝ කාෆිර්! (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා) යැයි අමතා සිටියේ ද සැබැවින්ම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඒ වෙත හැරී එනු ඇත. ඔහු පැවසූ පරිදි වී නම් එය එසේය. එසේ නැතහොත් එය ඔහුට එරෙහිවම නැවත හැරී එනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මුස්ලිම්වරයාගේ වේට්ටිය කෙණ්ඩයේ අඩක් දක්වා විය යුතුය. ඒ අතර හා වළලු කර අතර පවතින දෑහි වරදක් නැත. නමුත් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකාරයෙන් යුතුව බිම ගාවමින් ඇද ගෙන යන්නේද, අල්ලාහ් ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලන්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරුණු හතක් අපට නියම කළ අතර තවත් කරුණු හතකින් අප වැළැක්වූහ. රෝගියාගේ සුවදුක් විමසීම, ජනාසා කටයුතුවලට සහභාගිවී , කිවිසුම් ගිය තැනැත්තාට ප්‍රාර්ථනා කිරීම, දිවුරුම හෝ දිවුරන්නා නිදොස් කිරීම, අසාධාරණයට ලක්වූවන්ට උපකාර කිරීම, ඇරයුම් කරන්නාට පිළිතුරු දීම, සලාමය පතුරුවා හැරීම යනාදිය අපට අණ කළ අතර රන් මුදු පැළඳීම, රන් මුද්‍රා සෑදීම, රිදී භාජනවල පානය කිරීම, සේද සෑදල මත වාඩි වීම, 'කස්සීය්යි' නම් සේද මිශ්‍ර ලිනන් වලින් සාදන ලද ඇඳුම් ඇඳීමෙන්, සේද රෙදි, 'ඉස්තබ්රක්' නම් ඝන සේද රෙදි හා 'දීජාබ්' නම් මිල අධික විශිෂ්ට ඝනයේ සේද රෙදි ඇඳීමෙන් අප වැළැක්වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.