Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 68 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මිනිසුනට ණය දෙන පුද්ගලයෙකු විය. ඔහු තම ගෝලයාට: "ඔබ වෙත දුෂ්කර කෙනෙක් පැමිණි විට, ඔහුගෙන් එය නොසලකා හරින්න. අල්ලාහ් අපව (අපගේ පාපකම්) නොසලකා හරිනු ඇත" යැයි පවසා සිටියේය. එලෙස ඔහු අල්ලාහ්ම මුණ ගැසෙයි. අල්ලාහ් ඔහුව නොසලකා හැර පාපක්ෂමාව පිරිනමයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"පිරිමියා ‍ෙපිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. පිරිමියා පිරිමියා සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?” යැයි එතුමාණෝ විමසූහ. ඔවුහු ‘අප අතර බංකොලොත්කරු වන්නේ තමන්ට දිර්හම් හෝ වස්තුව හෝ නොමැති අය වේ’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ: “සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත්කරු වන්නේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සලාතය, උපවාසය හා සකාත් යන වගකීම් සමග පැමිණිය ද ඒ සමගම ඔහු කෙනෙකුට දොස් නඟා, මොහු ගැන අවලාද නගා, මොහුගේ ධනය සූරා කා, මොහුගේ රුධිරය හලා, මොහුට පහර දී පැමිණෙන පුද්ගලයා ය. එවිට ඔහුගේ කුසල් කර්ම ඒ අයට පිරිනමනු ලැබේ. එය ඔහුගේ යහකම් වෙති. මොහුට තීන්දු දීමට පෙර ඔහුගේ කුසල් අවසන් වූ විට මොවුන්ගේ වැරදි ගෙන ඔහු වෙත හෙළනු ලැබේ. පසුව ඔහු අපා ගින්නට විසි කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම අල්ලාහ්, ශ්‍රද්ධාවන්ත ස්වාධීන නිහතමානී ගැත්තාට ප්‍රිය කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සපයන්න, රෝගීන් බැහදැක සුවදුක් විමන්න. සහ සිරකරුවා නිදහස් කරන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා මේ මේ අයුරින් ප්‍රමාණවත් - එක් වාර්තාකරුවකු පවසා සිටියේ - ඈ කොට තැනැත්තියක් යැයි එයින් අදහස් කළ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්‍ර වී දූෂිත වනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "මම පවසා සිටියේ මිනිසකු පවසා සිටින අයුරිනි". එවිට එතුමාණෝ, "සැබැවින්ම මට මේ මේ තිබුණ ද මිනසාගේ අඩුපාඩු කතා කිරීම මම ප්‍රිය නොකරමි" යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට කරුණාව නියම කර ඇත. එබැවින් නුඹලා මරණ විට හොඳින් ඉටු කරන්න. නුඹ සත්ව ගෙල සිඳින විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද නුඹලා අතරින් කෙනෙකු ඔහුගේ ආයුධය හොදින් මුවහත් කරත්වා, ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා විවේක ගෙනීමට ඉඩ දෙත්වා.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු මිනිසුනට කරුණාව නො දක්වන්නේ ද අල්ලාහ් ඔහුට කරුණාව නො දක්වයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.