Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 68 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටියෙමි. මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල නහර ද පිම්ඹී තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.” යැයි පැවසූහ. පසුව ඔවුහු ඔහුට: සැබැවින්ම ඔබ ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි බව සැළ කර සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද? යැයි පවසා සිටි බවත් සඳහන් වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. “(දුෂ්කරතාවට පත්වූ බව) මවා පෙන්වීමෙන් අපි වළක්වනු ලැබුවෙමු.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්‍රහණය කළ විට ඔහුව අත් නොහරියි." යැයි පවසා පසුව "තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට, ඔහුගේ ග්‍රහණය එලෙසම වේ. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය." යන (හූද්: 102 වැනි) පාඨය පාරායනය කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"දේව ගැත්තෙක් තවත් දේව ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අපරාධය ගැන බියවන්න. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අඳුරු වේ. එමෙන්ම මසුරු වීම ගැන බියවන්න. සැබැවින්ම මසුරුකම නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය. ඔවුන්ගේ ජීවිත නැසීමටත් එමෙන්ම ඔවුනට තහනම් කරනු ලැබූ දෑ අනුමත කර ගැනීමටත් එය තුඩු දිය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මහා පාපකම් අතරින් මහා පාපකම් මොනවාදැ?යි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?” යැයි තුන්වරක් එතුමාණෝ විමසා සිටියහ. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි, එසේය.’ යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ “අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම" යැයි පවසා සැතපී සිටි එතුමා පසුව වාඩි විය. තවදුරටත් ‘දැනගනු, නොමනා කතා හා බොරු සාක්ෂි ද එසේය යැයි පැවසූහ. එතුමා නිහඬ නොවන්නේදැයි අපි පවසන තරමට එතුමාණෝ එය නැවත නැවතත් ප්‍රකාශ කරමින්ම සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.