Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 27 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. රමළාන් මාසයේ ජිබ්රීල් තුමා එතුමාණන්ව හමුවන අවස්ථාවේ වඩාත් පරිත්‍යාගශීලී අයකු වූහ. එතුමා රමළාන් මාසයේ සෑම රාත්‍රියකම එතුමාණන්ව මුණ ගැසී එතුමාණන්ට අල් කුර්ආනය උගන්වමින් පසුවූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හමන සුළඟට වඩා යහපත කිරීමෙහි ඉමහත් පරිත්‍යාගශීලී අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඔබ ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මාගේ මිතුරා වූ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ළුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු වටා එක්රැස් වී සිටින පිරිසක් දුටුහ. ඔහුට හෙවණ ලබා දෙමින් තිබිණ. එවිට එතුමාණෝ "මේ කුමක් ද?" දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසකරුවකු වේ." යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ ගමනක දී උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි." යැයි පැවසූහ. තවත් ප්‍රකාශයක: "ඔබට අල්ලාහ් පිරිනමා ඇති සහනයන් පිළිපැඳීම ඔබ සතු වගකීමකි" යැයි පවසා ඇත්තාහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළෙමු. පසුව එතුමාණෝ සලාතය සඳහා නැගී සිටියහ. මම, "අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියෙමි. එතුමා, "ආයාත් පනහක ප්‍රමාණයක්" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු කද්ර් රාත්‍රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්‍රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.