Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 11 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ‍ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මින්බර් වේදිකාව මත සිට සදකාව (දානය), තැන්පත් කම හා ඉල්ලීම පිළිබඳ මතක් කරමින් මෙසේ පවසා සිටියහ. "ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය වියදම් කරන අතයි. පහළ අත යනු ඉල්ලා සිටින අතයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම පරමාධිපති සමග මතු කතා කරනු මිස නැත. ඔහු අතර හා මොහු අතර කිසිදු පරිවර්තකයකු නොවනු ඇත. ඔහු ඔහුගේ දකුණු දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහුගේ වම් දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහු ඉදිරියේ බලයි. ඔහුට මුහුණලා අපා ගින්න හැර වෙනත් කිසිවක් නොදකියි. එබැවින් රට ඉඳි කෑල්ලක් හෝ දන් දී අපා ගින්නෙන් ආරක්ෂා වන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ ආහාර සාඃ එකක් හෝ අක්ත් හෙවත් කැටි කිරි හා රට ඉඳිවලින් පිසූ ආහාර වර්ගයෙන් සාඃ එකක් හෝ බාර්ලි සාඃ එකක් හෝ රට ඉඳි සාඃ එකක් හෝ මිදි සාඃ එකක් හෝ ලොකු පොඩි, නිදහස් හා වහලුන් සියලු සෑම දෙනා වෙනුවෙන්ම අපි සකාතුල් ෆිත්ර් නිකුත් කරන්නන් ලෙස සිටියෙමු. මුආවියා ඉබ්නු අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හු) තුමා හජ් ඉටු කරන්නෙකු හෝ උම්රා ඉටු කරන්නෙකු ලෙස අප වෙත පැමිණෙන තෙක් අපි එයින් බැහැර නොවූයෙමු. එවිට හෙතෙම මින්බර් වේදිකාවේ සිට ජනයා ඇමතුවේය. ඔහු ජනයාට ඇමතූ කරුණු අතර මෙසේ පවසා සිටියේය: ශාම් දේශීය ධාන්ය වර්ග මුද්දු දෙකක් රට ඉඳි සාඃ දෙකකට සමාන වන්නේය. එවිට ජනයා ද එය පිළිපදින්නට ගත්තෝය. අබූ සඊද් තුමා මෙසේ පවසයි: මා ජීවත්ව සිටින තාක්කල් එවක මා නිකුත් කරමින් සිටියාක් මෙන්ම දිගටම මම නිකුත් කරමින් සිටිමි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ආදම්ගේ පුතුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තැටියෙන් මදිනු ලැබේ. එය සිසිල් වන සෑම විටෙකම නැවතත් රත් කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.