Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 97 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (49)
"වේලාවන් තුනක් ඇත. අපි ඒවායෙහි සලාත් ඉටු කිරීම හෝ අප අතර මිය ගිය ඇත්තන් ඒවායෙහි වළ දෑමිම හෝ අල්ලාහ්ගේ දූතයාණෝ අපට තහනම් කළහ. එනම්, හිරු ඉහළට නැගෙන තුරු, එය මතුවෙමින් උදාවන අවස්ථාව, හිරු මුදුනින් අවරට යන තුරු එය මුදුනෙහි පවතින අවස්ථාව හා හිරු බැස යන තුරු බැස යාමට එය දුර්වල වෙමින් පවතින අවස්ථාවය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල් කුර් ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ. - එවිට මාගේ අත එතුමාණන්ගේ අත් දෙක අතර විය.- එනම්: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නෙනි. තවත් ප්‍රකාශයක: "සැබැවින්ම අල්ලාහ් ශාන්තිය වේ යැයි පවසා නුඹලා අතරින් කිසිවකු හෝ සලාතයේදී වාඩි වූ විටෙක, ඔහු මෙසේ පැවසිය යුතුයි: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" -ඔහු එය පැවසූ විටෙක, අහස්හි හා මහපොළොවේ සිටින සෑම දැහැමි ගැත්තෙකුහටම එය හිමි වනු ඇත.- අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" පසුව ඔහු කැමති දේ ඉල්ලීම සඳහා ඔහුට නිදහස ලබයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ඔබ අතරින් කිසිවෙකු හෝ ඔහුගේ සලාතය තුළ ඔහුට සැකය ඇති වී තමා තුනක් ඉටු කළේ ද එසේ නැතහොත් හතරක් ඉටු කළේද යැයි නොදන්නේ නම්, ඔහු එම සැකය අහකට දමා ඔහු කවර දෙයක් ගැන විශ්වාසයක් ඇත්තේ ද ඒ මත පදනම් විය යුතුය. පසුව සලාම් කීමට පෙර සජදා දෙකක් ඉටු කළ යුතුය. ඔහු පහක් ඉටු කළේ නම් ඔහුගේ සලාතය ඔහුට දෙගුණය කර දෙනු ඇත. ඔහු හතරක් සම්පූර්ණ කර ඇත්නම් ඒ දෙක ෂෙයිතාන් අධෛර්යමත් කිරීමක් (පහරක්) වනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මුඅද්දින් (සලාතය සඳහා අරයුම් කරන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කවරෙකු: "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ, වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, රළීතු බිල්ලාහි රබ්බන්, වබිමුහම්මදින් රසූලන්, වබිල් ඉස්ලාමි දීනන්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තාය. ඔහුගේ දූතයාය. යැයි සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපති බවත්, මුහම්මද් දූතයාණන් බවත්, ඉස්ලාමය දහම බවත්, පිළිගතිමි). යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පවසන විට 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම ද නබි පිළිවෙතකි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉබ්නු හුසයිමා, දාරුකුත්නි හා බයිහකී යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මස්ජිදයට පිවිසුණහ. එවිට මිනිසෙක් පැමිණ සලාත් ඉටු කර, පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට ඒ සඳහා පිළිතුරු දී එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි පවසා සිටියහ. පසුව ඔහු ආපසු හැරී ගොස් පෙර සලාත් ඉටු කළ සේම සලාත් ඉටු කර පැමිණ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි තුන්වරක්ම පවසා සිටියහ. එවිට මිනිසා මෙසේ කීවේය. "ඔබව සත්‍යය සමඟ එවූ තැනැත්තා මත දිවුරා පවසමි! මට ඊට වඩා මනා ලෙස ඉටු කළ නොහැක. (මා නොදනිමි) ඒ නිසා මට උගන්වන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ සලාත් සඳහා නැගී සිටින විට අල්ලාහු අක්බර් යැයි පවසා තක්බීර් පවසන්න. ඉන්පසු ඔබ සමග ඇති පහසු අල්-කුර්ආන් පාඨ කිහිපයක් පාරායනය කරන්න. පසුව රුකූ ඉරියව්වෙහි තැන්පත් වන තුරු රුකූඋ කරන්න. පසුව ඔබ කෙළින් සිටගෙන සිටිනා තුරු නැගී සිටින්න. පසුව සුජූද්හි ඔබ තැන්පත් වන තුරු සුජූද් කරන්න. ඉන්පසු (හිස) ඉහළට ඔසවා ඔබ ඉඳුමෙහි තැන්පත්වන තුරු වාඩිවෙන්න. මෙය ඔබේ සලාතය පුරාම සිදු කරන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.