Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 10 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යමන් දේශයට එතුමාව යැවූහ. එහි නිශ්පාදිත බීමක් සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුගෙන් විමසා සිටිමින් "මේ කුමක්දැ?"යි ඇසීය. එතුමා "අල්-බිත්උ, වල් මිද්ර්" යනුවෙන් පැවසීය. "බිත්උ" යනු කුමක්දැ?"යි අබූ බුර්දා තුමාගෙන් විමසන ලදී. එතුමා: "එය මී පැණි සාරයයි." 'මිද්ර්' යනු බාර්ලි සාරයයි. එවිට එතුමාණෝ මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. (මෙය ඉමාම් බුහාරි තුමා විසින් වාර් තා කර ඇත.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ තහනම් වේ. කවරෙකු මෙලොවෙහි මත් පැන් පානය කොට ඔහු එයට ඇබ්බැහි වී, පාපක්ෂමාවෙහි නිරත නොවූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලොවෙහි එය පානය නො කරන්නේමය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය මුස්ලිම් විසින් දන්වා ඇති අතර බුහාරි විසින් එහි අවසාන වාක්‍යය කොටස වාර්තා කොට ඇත.
"සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත. එබැවින් ඔබ මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට මරණ දඬුවම විධිමත්ව ක්‍රියාත්මක කරන්න. ඔබ සත්වයකුගේ ගෙල සිඳන විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද ඔබ අතරින් කෙනෙකු තම ආයුධය හොදින් මුවහත් කර ගත යුතුය. ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා කපා නිදහස් කළ යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
මම අබූ තල්හාගේ නිවසේ, මිනිසුන්ට බීම සපයන්නෙකු ලෙස මම සිටියෙමි. ඔවුන්ගේ බීම වර්ග සකස් කළේ රට ඉඳි වලින් ය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "දැනගන්න! මත්පැන් තහනම් කර ඇත" යැයි ප්‍රකාශ කරන ලෙස නිවේදකයකු වෙත නියෝග කළේය. එතුමා තවදුරටත් මෙසේ පැවසීය: "අබු තල්හා තුමා පිටතට ගොස් ඒවා හළා දමන ලෙස මට අණ කළේය. පසුව මම පිටතට ගොස් ඒවා හළා දැමුවෙමි. එය මදීනාවේ වීදිවල ගලා යන්නට විය." එවිට ඇතැම් පිරිස්: "එය කුස තුළ තිබිය දීම පිරිසක් ඝාතනය කරනු ලැබ ඇතැ'යි පවසා සිටියේය. එවිට අල්ලාහ් මෙසේ පහළ කළේය: "විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන අයට ඔවුන් (අතීතයේ) ඔවුන් භුක්ති විඳි දෑ සම්බන්ධයෙන් වරදක් නැත." (අල්-මාඉදා: 93)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග දුල් හුලෙයිෆාහි සිටියෙමු. එවිට මිනිසුනට කුසගිනි ඇති විය. (යුද පිටියේ සතුරන් විසින් දමා ගිය) ඔටුවන් හා එළුවන් ඔවුහු හසුකර ගත්තෝය. එතුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිරිසේ අවසානයේ සිටියහ. ඔවුහු ඉක්මන් වී සතුන් කපා, පිසීමට භාජන පිළියෙල කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එම භාජන ගෙන එන්නැයි නියෝග කර පසුව ඒවා (හි තිබූ දෑ හලා) උඩු යටිකුරු කරන ලදී. අනතුරුව එතුමාණෝ බෙදා හරින්නට ගත්හ. එළුවන් දස දෙනෙක් එක් ඔටුවකුට සමාන කළේය. ඒ අතරින් ඔටුවකු පළා ගියේය. ඔවුහු ඌ සොයා ගියෝය. එය ඔවුන් වෙහෙසට පත් කළේය. එම පිරිස අතර අශ්වයන් සිටියේ සුළු පිරිසකි. ඔවුන් අතරින් මිනිසෙකු හීයක් අතට ගෙන විද්දේය. අල්ලාහ් ඌ නතර කළේය." පසුව ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේය. "සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. ඒ අතරින් කිසිවක් හෝ ඔබ අබිබවා ගිය විටෙක, ඒ අයුරින්ම මෙයට ද සිදු කරන්න." තවදුරටත් රාෆි තුමා මෙසේ පැවසීය: සැබැවින්ම අපි හෙට දින සතුරන් අපේක්ෂා කරන්නෙමු. අපි බිය වන්නෙමු. අප සතුව පිහි නැත. අපි බටවලින් උන් කපා හරින්න ද යැයි විමසීය. එතුමා: "ලේ වැගිරී යන්නට සළස්වා, ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ වනාහි, නුඹලා එය අනුභව කරන්න. දතින් හෝ නියපොත්තෙන් එය නොවිය යුතුය. ඒ ගැන මම ඔබට ප්‍රකාශ කරන්නම්. සැබැවින්ම දත අස්ථියකි. නියපොත්ත ඉතියෝපියානුවන්ගේ ආයුධයකි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
දිගු දත් ඇති සෑම මෘග සත්වයකුගෙන්ම හා තල සහිත හොට ඇති සෑම පක්ෂියකුගෙන්ම වැළැක්වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"යමෙක් දඩයම් කිරීමට හෝ පශු සම්පත් ආරක්ෂා කිරීමට හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කරන්නේ නම්, (යහපත් ක්‍රියාවන් සඳහා වන) ඔහුගේ ප්‍රතිඵල දිනකට කිරාත් දෙකකින් අඩු කරනු ලැබේ." සාලිම් තුමා මෙසේ පැවසීය: 'එසේ නැතහොත් ගොවිපල ආරක්ෂා කරන බල්ලෙකු හැර' යැයි අබූ හුරෙයිරා තුමා පවසමින් සිටියේය. හෙතෙම ගොවිපල සතු අයකු විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.