Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 19 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"යම් දිවුරුමක් මත දිවුරා එමගින් ඔහු මුස්ලිම්වරයකුගේ ධනය දුෂ්ට ලෙස පැහැර ගනු පිණිස කටයුතු කරන්නේ ද අල්ලාහ් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් යුතුව ඔහුව මුණ ගැසෙයි." වාර්තාකරු තවදුරටත්: අෂ්අස් තුමා මෙසේ පැවසීය: "මා සම්බන්ධයෙන් නම්, අල්ලාහ් මත දිවුරා පවසමි, එය සිදු විය. මා අතර හා යුදෙව් මිනිසෙකු අතර භූමි භාගයක් විය. ඔහු මට බලපෑම් කළේය. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඔහුව ඉදිරිපත් කළෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් : ඔබට සාක්ෂි තිබේදැ?යි විමසා සිටියහ. මම නැතැයි පිළිතුරු දුන්නෙමි. එතුමාණෝ යුදෙව්වාට ඔබ දිවුරා සිටින්නැයි කියා සිටියහ. මම: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම්, ඔහු දිවුරා මාගේ ධනයත් රැගෙන යනු ඇත' යැයි පැවසුවෙමි . එවිට උත්තරීතර අල්ලාහ් මෙය පහළ කළේය. "සැබැවින්ම අල්ලාහ්ගේ ගිවිසුම හා ඔවුන්ගේ දිවුරුම් සුළු මිලකට විකුණනන්නන් වනාහි.." පාඨයේ අවසානය දක්වා පහළ විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තැටියෙන් මදිනු ලැබේ. එය සිසිල් වන සෑම විටෙකම නැවතත් රත් කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"නුඹලා එකිනෙකා අතර ත්‍යාග පිරිනමා ගනු. එමඟින් නුඹලා එකිනෙකා අතර සෙනෙහස ඇති කර ගනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බුහාරි අල්-අදබ් අල්-මුෆ්රද් හි ද, අබූ යඃලා සහ බයිහකී විසින් ද වාර්තා කර ඇත.
අත්පිට ලෙස මිස රිදී රනට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස තිරිඟු තිරිඟුවට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස බාර්ලි බාර්ලියට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස රට ඉඳි රට ඉඳියට හුවමාරු කිරීම පොලියකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අෂ්අරී ගෝත්‍රයේ පිරිසක් සමග පැමිණ, ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටියෙමි. එවිට එතුමාණෝ, "අල්ලාහ් මත දිවුරා, මා ඔබට ප්‍රවාහන පහසුකම් සලසා නොදෙමි. ඔබට ප්‍රවාහන පහසුකම් සලසා දෙන්නට මා ළඟ කිසිවක් නැත." යැයි පැවසූහ. අල්ලාහ් අභිමත කරන තෙක් අපි රැඳී සිටියෙමු. පසුව එතුමාණන් වෙත ඔටුවන් ගෙන එන ලදී. දැකුම් කළු ඔටුවන් තිදෙනෙකු එතුමාණෝ අපට නියම කළහ. පසුව අපි හැරී ගමන් ගත් කල්හි අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුට 'අල්ලාහ් අපට අභිවෘද්ධිය සළසා නොදෙත්වා. අපි අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටි විට, එතුමාණන් දිවුරා අප වෙත ප්‍රවාහන පහසුකම් නො දෙන බව පවසා, පසුව අපට ප්‍රවාහන පහසුකම් සළසා ඇත.' යැයි පවසා සිටියෝය. අබූ මූසා තුමා තවදුරටත් මෙසේ දන්වා සිටියේය: පසුව අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මේ ගැන එතුමාණන්ට සඳහන් කළෙමු. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "මම ඔබට ප්‍රවාහන පහසුකම් ලබා නොදුන්නෙමි. ඔබට ප්‍රවාහන පහසුකම් සළසා දුන්නේ අල්ලාහ් ය. අල්ලාහ් මත දිවුරා පවසමි. - අල්ලාහ් අභිමත කළේ නම් - සැබැවින්ම මම යමක් කිරීමට දිවුරා පසු ව ඊට වඩා එය නොවන වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනැවිත් මාගේ දිවුරුම වෙනුවෙන් මම සමාව අයැද සිටිමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, ඔහු ළණුවක් රැගෙන ඉන් දරමිටියක් ගසා ඔහුගේ කර මතින් එය ගෙනැවිත් විකුණා දමයි. එමගින් අල්ලාහ් ඔහුගේ ප්‍රතිරූපය ආරක්ෂා කරයි. එය මිනිසුන්ගෙන් ඉල්ලා ඔවුන් ඔහුට දීම හෝ ඔහුට දීමෙන් වැළකීමට වඩා ඔහුට උතුම් වන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය.: "මළවුන් කෙරෙන් නැවත නැගිටවනු ලබන දිනයේදී මම තිදෙනෙකුට විරුද්ධව කතා කරමි.: මාගේ නාමයෙන් ගිවිසුමක් ඇති කර ගෙන එය කඩ කළ මිනිසා, නිදහස් මිනිසෙකු විකුණා ඉන් ලැබූ මුදල් පරිභෝජනය කළ මිනිසා සහ සේවකයෙකු කුලියට ගෙන ඔහුගේ සම්පූර ණ සේවය ලබා ගත් නමුත් ඔහුට ඔහුගේ වැටුප නොගෙවූ මිනිසා.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"මුස්ලිම්වරයකු සතුව යමක් තිබී, ඒ ගැන අන්තිම කැමැත්ත ඔහු අබියස ලියනු ලැබීමකින් තොරව රාත්‍රී තුනක් ගත කිරීම ඔහුට යුතු වන්නේ නැත." අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මේ ගැන කළ ප්‍රකාශයට මම සවන් දුන් දා පටන් මා සතුව අන්තිම කැමැත්ත නැතිව රාත්‍රියක් හෝ ගෙවී ගියේ නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.