Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 8 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුනෙයින් වෙත පිටත්ව ගිය කල්හි, එතුමාණෝ බහුදේව වාදීන් සතු ගසක් අසළින් ගමන් ගත්හ. එයට 'සාතු අන්වාත්' යනුවෙන් කියනු ලැබේ. ඔවුන්ගේ ආයුධ එහි එල්ලා තබති. එවිට ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන් සතු 'සාතු අන්වාත්' මෙන් අපටද සාතු අන්වාතයක් නියම කරන්නයි' පැවසූහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) මෙය “ඔවුනට දෙවිවරුන් සිටින සේ අපටත් දෙවිවරුන් නියම කරන්න" (අල්-අඃරාෆ්: 138) යැයි මූසාගේ ප්‍රජාව පවසා සිටියාක් මෙනි. මාගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා නුඹලාට පෙර විසූවන්ගේ පිළිවෙත මග නැග යන්නෙහුය.' යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
التصنيف الشرعيأحكام التشبه، توحيد الألوهية، تفسير الآيات، الشركموضوعات الحديثالتشبه بالكفار، الشرك بالله وأقسامهمحاور التعريف بالإسلامبطلان الشرك وصوره
එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම්, ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
التصنيف الشرعيالأخلاق الذميمة، ذم المعاصي، حكم الأمر بالمعروف والنهي عن المنكر، تفسير الآياتموضوعات الحديثالأمر بالمعروف والنهي عن المنكر، الظلم، القرآن وعلومه
"පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත." පසුව (ආලු ඉම්රාන් 135 වැනි) පාඨය කියවා පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නොවෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
التصنيف الشرعيالتوبة، صلاة التطوع، تفسير الآياتموضوعات الحديثالقرآن وعلومه، سعة فضل الله عز وجل، التوبة، صلاة التطوع
"අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.
التصنيف الشرعيوصف القرآن وفضائله، آداب تلاوة القرآن الكريم، صفات الجنة والنارموضوعات الحديثتلاوة القرآن، القرآن وعلومه، الإيمان باليوم الآخر
"... තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු." (අල්-හජ්: 25) යන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමා මෙසේ පැවසූහ: "සැබැවින්ම මිනිසෙකු එහි සාපරාධී කටයුත්තක් කරන්නට සිතුවේ ද ඔහු අද්න් හි එය සිතුව ද අල්ලාහ් ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද් හා හාකිම් විසින් වාර්තා කොට ඇත.
التصنيف الشرعيأسباب النزول
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
التصنيف الشرعيأحكام القرآن والمصاحف، الغسل
"ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. එම මාර්ගය දෙපස බිත්ති දෙකකි. ඒ දෙක අතර විවෘත වූ දොරවල්ය. එම දොරවල් මත එල්ලෙමින් පවතින තිරය. එම මාර්ගයේ දොරටුව මත සිටින ඇරයුම් කරන්නෙක්: "අහෝ මිනිසුනි! ඔබ සැවොම මාර්ගයට පිවිසෙන්න. අක්‍රමවත් ලෙස ගමන් නොකරන්න." යැයි පවසයි. තවත් ඇරයුම් කරන්නෙක් මාර්ගයට උඩින් සිට, යමෙක් දොරටුවලින් එකක් විවෘත කරන්නට සිතු විට, "ඔබ මෙය විවෘත නොකරන්න. එසේ ඔබ එය විවෘත කළේ නම්, එහි ඔබ පිවිසෙනු ඇත." යැයි පවසයි. එම මාර්ගය ඉස්ලාමයයි. බිත්ති දෙක අල්ලාහ්ගේ සීමාවන් වෙති. විවෘත කරනු ලැබූ දොරටු අල්ලාහ් තහනම් කළ දෑය. මාර්ගයට මුඳුනින් සිට අමතන්නා අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. පාලමට ඉහළින් සිට අමතන්නා සෑම මුස්ලිම්වරයකුගේම හදවත තුළ ඇති අල්ලාහ්ගේ උපදෙස්කරුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
التصنيف الشرعيوصف القرآن وفضائله، أعمال القلوب، ذم المعاصي، ذَمُّ الهوى والشَّهوات، الإسلامموضوعات الحديثالكبائر والمحرمات، تعظيم شعائر الله وحرماته، التقوىمحاور التعريف بالإسلامالإسلام هو الدين الحق
"...කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ." (අල්-මාඉදා: 44) "...එවිට ඔවුහුමය අපරාධකරුවෝ." (අල්-මාඉදා: 45) "... එවිට ඔවුහුමය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) යන පාඨ සර් ව බලධාරී තේජාන්විත අල්ලාහ් පහළ කළේය. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කළේය: අල්ලාහ් මෙය පහළ කළේ යුදෙව් කණ්ඩායම් දෙකක් වෙත ය. ජාහිලිය්යා නම් අඥාන යුගයේ ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම මත ආධිපත්‍යය දරමින් සිටියේය. අවසානයේ ප්‍රබූවරයෙක් පහත් අයකු ඝාතනය කළේ නම් ඒ සෑම ඝාතනයකටම 'වසක්' පනහක වන්දියක් ලෙස ද, පහත් අයෙක් ප්‍රබූවරයකු ඝාතනය කළේ නම් එවන් සෑම ඝාතනයකටම වසක් සියයක වන්දියක් ලෙස ද ලබා දීමට තීරණය කර පිළිගත්තෝය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැමිණෙන තෙක් ඔවුන් ඒ මත පදනම්ව සිටියහ. අල්ලාහ්ගේ දූතයාණන්ගේ පැමිණීම හේතුවෙන් එම කණ්ඩායම් දෙකම යටත් වූහ. ඒ වන විට අල්ලාහ්ගේ දූතයාණන් එම කණ්ඩායම් දෙක මත ආධිපත්‍යය දැරුවේ හෝ ඔවුන්ව යටහත් කර ගත්තේ ද නැත. මන්දයත් (ඒ වනවිට) එතුමාණන් සාම ගිවිසුම තුළ සිටි බැවිනි. (ඒ අතර) පහත් අයකු විසින් ප්‍රභූ වරයෙක් ඝාතනය විය. එවිට ප්‍රභූ පැළැන්තිය පහත් පැළැන්තිය වෙත තමන් එකඟ වූ පරිදි වසක් සියයක් තමන්ට වන්දි ගෙවන මෙන් පණිවිඩයක් එවීය. එවිට පහත් උදවිය මෙවැන්නක් කවදා හෝ වෙනත් අසල්වැසි ප්‍රදේශ දෙකක සිදුවී තිබේද? ඔවුන් දෙපිරිසේ ආගම එකක් විය. පරම්පරාව ද එකක් විය ඔවුන්ගේ දේශය ද එකක් විය. නමුත් ඔවුන් ඇතැමුන්ගේ වන්දිය තවත් සමහරුන්ගේ වන්දිය මෙන් අඩකි? අපි ඔබට මෙය ලබා දුන්නේ ඔබ අපට අසාධාරණකම් කරන නිසාවෙන් හා ඔබට ඇති බිය නිසා පමණි. මුහම්මද් පැමිණියේ නම්, කිසිවිටෙකත් අපි මෙය ඔබට ලබා දෙන්නේ නැත. පසුව ඔවුන් අතර යුද්ධයක් හටගන්නට තරම් එය දරුණු විය. පසුව ඔවුන් අතර විනිශ්චය කිරීමට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හට ඉඩ දෙන්නට ඔවුන් තීරණය කළහ. නමුත් ප්‍රභූවරු කල්පනා කර මෙසේ පැවසූහ: අල්ලාහ්ගේ නාමයෙන්, මුහම්මද් ඔබෙන් ඔවුන්ට දෙන දෙය මෙන් දෙගුණයක් ඔබට ඔවුන්ගෙන් ලබා නොදෙනු ඇත. ඔවුන් සත්‍යය කතා කර ඇත. ඔවුන් අපට මෙය ලබා දුන්නේ අප විසින් පීඩනයක් සහ ඔවුන් මත අපි ආධිපත්‍යය දරන නිසාවෙනි. එබැවින් මුහම්මද් වෙත ඔහුගේ මතය ඔබ වෙත ගෙන ඒමට රහස් පරීක්ෂකයකු යවන්න. ඔහු ඔබ සිතන දේ ඔබට ලබා දෙන්නේ නම්, ඔබ ඔහුව විනිශ්චයකරු බවට පත් කර ගන්න. ඔහු ඔබ කැමති දේ ඔබට ලබා නොදුනහොත්, ඔබ ප්‍රවේසම් වී ඔබ අතර විනිශ්චය කිරීමට ඔහුට ඉඩ නොදෙන්න යැයි තීරණය කළහ. ඒ අනුව අල්ලාහ්ගේ දූතයාණන්ගේ මතය ඔවුනට දන්වා සිටිනු පිණිස කුහකයින් අතරින් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත රහසිගතව යැවූහ. ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණි කල්හි, අල්ලාහ් ඔවුන්ගේ සියලුම කරුණු හා ඔවුන් අදහස් කළ දෑ එතුමාණන්ට දන්වමින් මෙසේ පහළ කළේය: "අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැයි ඔවුන්ගේ මුඛවලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නො කළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලුව ක්‍රියා කරන්නන් නුඹව දුකට පත් නො කළ යුතු ය..." (අල්-මාඉදා 41) සිට "... අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) වන පාඨය දක්වා. පසුව ඔවුන් දෙපිරිස සම්බන්ධව එතුමාණෝ මෙසේ පැවසූහ. අල්ලාහ් මත දිවුරමින් එය පහළ වී ඇත. සර් ව බලධාරී අල්ලාහ් අදහස් කළේ ඔවුන් දෙපිරිස පිළිබඳව ය.
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
التصنيف الشرعيأسباب النزول