“දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හෝ ඇය මත, පාපයක් නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හෝ ඇය මත, පාපයක් නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි."
«مَا يَزَالُ البَلاَءُ بِالمُؤْمِنِ وَالمُؤْمِنَةِ فِي نَفْسِهِ وَوَلَدِهِ وَمَالِهِ حَتَّى يَلْقَى اللَّهَ وَمَا عَلَيْهِ خَطِيئَةٌ».
"දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය තුළ ශරීර සෞඛ්‍යතාවෙහි මෙන්ම ඔවුන්ගේ දරුවන් අතර විවිධ ලෙඩ රෝග, මරණ, හිංසන හා වෙනත් එවැනි පීඩාවන් ඇති වීම, ඔවුන්ගේ ධනයෙහි දිළිඳු බව ඇති වීම, ව්‍යාපාර කඩා වැටීම, සොරකමට ලක්වීම, ආහාර සම්පත්වල හිඟභාවය, මානසික අවපීඩනය සහ ජීවන සම්පත්හි අගහිඟකම් ඇතිවීම යනාදී පරීක්ෂණ හා විභාග ගැත්තාගෙන් අහකට යන්නේ නැත. එම පරීක්ෂණ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ සියලු පාපකම් හා වැරදි වලට සමාව දෙයි. එය කෙතරම් දුරටද යත් අල්ලාහ්ව ඔහු මුණ ගැසුණු විට ඔහු කළ සියලුම පාපකම් හා වැරදිවලින් ඔහු පිරිසිදු වනු ඇත." යයි නබි (සල්ලල්ලාහු අලෙයිහි සල්ලම්) තුමා දැන්වුහ .
අල්ලාහ්ගේ විශ්වාසනීය ගැත්තන් හට ඇතිවන දුක් කරදර හා අනතුරු හේතුවෙන් ඔවුන් මෙලොව ජීවිතයේ කළ ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් පහකිරීම ඔහුගේ ආශිර්වාදයකි.
දුක්කරදර සිදුවීම හේතුවෙන් පාපකම්වලට සමාව හිමිවනුයේ ඊමාන් හෙවත් දේවත්වය විශ්වාස කිරීමේ කොන්දේසිය මත ය. එසේ එම ගැත්තා කෝප නොවී ඉවසා සිටින විටෙක ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ.
තමන් කැමති මෙන්ම අකමැති සියලුම කටයුතුවලදී ඉවසීමට දිරිගැන්වීම. අල්ලාහ් අනිවාර්ය කළ දෑ ඉටු කරන තරමට ඔහු ඉවසයි. අල්ලාහ් තහනම් කළ දැයින් දුරස්වන තරමට ඔහු ඉවසයි. අල්ලාහ්ගේ කුසල් අපේක්ෂා කරයි. ඔහුගේ දඬුවමට බිය වෙයි.
"දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය" යන ප්‍රකාශයෙහි දේවත්වය විශ්වාස කරන්නිය යන අරුථ දෙන අල්-මුඃමිනා යන පදය මෙහි අමතරව යෙදී තිබීමෙන් කාන්තාවන් සම්බන්ධයෙන් ද විශේෂ අවදානය යොමු කර ඇති බව පෙන්වා දෙයි. එසේ නොවන්නට මුඃමින් යන පදය පමණක් භාවිත කරන්නට තිබුණි. එම යෙදුම පිරිමින්ට පමණක් විශේෂ නොවන බැවින් කාන්තාව ද එහි ඇතුළු වනු ඇත. පොදවේ කාන්තාවට එවන් පරීක්ෂණයන්ට මුහුණ පෑමට සිදු වූ විටෙක ඇයට ද පාපකම් හා වැරදි කමා කිරීමෙන් ඒ හා සමාන ප්‍රතිඵල හිමි බව ඇය ද ප්‍රතිඥා දෙනු ලැබ ඇත.
විටින් විට ගැත්තා මුහුණ දෙන වේදනාවන් ඔහුට පහසු කරනුයේ ඒවා සඳහා නියම වී ඇති භාග්‍යය වේ.
සුනන් අත් තිර්මිදි (4/ 204) (2399).
මුස්නද් අහ්මද් (13/ 248) (7859).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 113).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص51).
شرح رياض الصالحين.
لابن عثيمين (1/ 273).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 80).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- فتاوى المرضىفتاوى المرضى «ما يزال البلاء بالمؤمن والمؤمنة في نفسه وولده وماله حتى يلقى الله وما عليه خطيئة»
- فتاوى المرضىفتاوى المرضى «ما يزال البلاء بالمؤمن والمؤمنة في نفسه وولده وماله حتى يلقى الله وما عليه خطيئة»
- فتاوى المرضىفتاوى المرضى «ما يزال البلاء بالمؤمن والمؤمنة في نفسه وولده وماله حتى يلقى الله وما عليه خطيئة»
- موسوعة الإيمان«مَا يَزَالُ البَلَاءُ بِالمؤْمِنِ وَالمؤْمِنَةِ فِي نَفْسِهِ وَوَلَدِهِ وَمَالِهِ حَتَّى يَلْقَى اللَّهَ وَمَا عَلَيْهِ خَطِيئَةٌ».
- نصوص مختارة للرمضانمَا يَزَالُ البَلاَءُ بِالمُؤْمِنِ وَالمُؤْمِنَةِ فِي نَفْسِهِ وَوَلَدِهِ وَمَالِهِ حَتَّى يَلْقَى اللَّهَ وَمَا عَلَيْهِ خَطِيئَةٌ