Skip to content

සැබැවින්ම අල්ලාහ්, ශ්‍රද්ධාවන්ත ස්වාධීන නිහතමානී ගැත්තාට ප්‍රිය කරයි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"සැබැවින්ම අල්ලාහ්, ශ්‍රද්ධාවන්ත ස්වාධීන නිහතමානී ගැත්තාට ප්‍රිය කරයි."

«إِنَّ اللهَ يُحِبُّ الْعَبْدَ التَّقِيَّ الْغَنِيَّ الْخَفِيَّ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් ඔහුගේ ඇතැම් ගැත්තන් කෙරෙහි ප්‍රිය කරන බව, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඔවුන් අතරින් තක්වා හෙවත් බියබැතිකම ඇති පුද්ගලයා ද කෙනෙකි. එනම් ඔහු අල්ලාහ්ගේ නියෝග පිළිපදින, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නා වේ. ස්වාධීන තැනැත්තාට ද ඔහු ප්‍රිය කරයි. සර්වබලධාරී අල්ලාහ් හේතුවෙන් මිනිසුන්ගේ අවශ්‍යතාවන්ගෙන් ස්වාධීන වූ තැනැත්තා, ඔහු හැර වෙනත් කිසිවකු දෙසට යොමු නොවෙයි. නිහතමානී තැනැත්තාට ද ඔහු ප්‍රිය කරයි. අවංක, තම පරමාධිපතිතට නැමදුම් කරන, තමන්ට ප්‍රයෝජනවත් වන දෑහි නිරත වන, තමන්ව හඳුන්වා දීම ගැන හෝ තමන් ගැන සෙසු අය අගය කරමින් කතා කිරීම ගැන හෝ නොතකන නිහතමානී තැනැත්තාය.

වචනාර්ථ

....:

හදීසයෙන් උගත හැකි පාඩම්

තම ගැත්තන් හට අල්ලාහ්ගේ ආදරය ලැබීමට අවශ්‍යය වන ඇතැම් ගුණාංග පැහැදිලි කිරීම. එනම් ශ්‍රද්ධාව, නිහතමානීකම හා අල්ලාහ් බෙදා දුන් දෑ ගැන තෘප්තිමත් වීම.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2277) (2965).

තවත් බලන්න (9)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 651).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين.

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 509).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 509).

شرح النووي على مسلم (18/ 100).