“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?”
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?” යැයි එතුමාණෝ විමසූහ. ඔවුහු ‘අප අතර බංකොලොත්කරු වන්නේ තමන්ට දිර්හම් හෝ වස්තුව හෝ නොමැති අය වේ’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ: “සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත්කරු වන්නේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සලාතය, උපවාසය හා සකාත් යන වගකීම් සමග පැමිණිය ද ඒ සමගම ඔහු කෙනෙකුට දොස් නඟා, මොහු ගැන අවලාද නගා, මොහුගේ ධනය සූරා කා, මොහුගේ රුධිරය හලා, මොහුට පහර දී පැමිණෙන පුද්ගලයා ය. එවිට ඔහුගේ කුසල් කර්ම ඒ අයට පිරිනමනු ලැබේ. එය ඔහුගේ යහකම් වෙති. මොහුට තීන්දු දීමට පෙර ඔහුගේ කුසල් අවසන් වූ විට මොවුන්ගේ වැරදි ගෙන ඔහු වෙත හෙළනු ලැබේ. පසුව ඔහු අපා ගින්නට විසි කරනු ලැබේ.”
«أَتَدْرُونَ مَا الْمُفْلِسُ؟» قَالُوا: الْمُفْلِسُ فِينَا مَنْ لَا دِرْهَمَ لَهُ وَلَا مَتَاعَ، فَقَالَ: «إِنَّ الْمُفْلِسَ مِنْ أُمَّتِي يَأْتِي يَوْمَ الْقِيَامَةِ بِصَلَاةٍ وَصِيَامٍ وَزَكَاةٍ، وَيَأْتِي قَدْ شَتَمَ هَذَا، وَقَذَفَ هَذَا، وَأَكَلَ مَالَ هَذَا، وَسَفَكَ دَمَ هَذَا، وَضَرَبَ هَذَا، فَيُعْطَى هَذَا مِنْ حَسَنَاتِهِ، وَهَذَا مِنْ حَسَنَاتِهِ، فَإِنْ فَنِيَتْ حَسَنَاتُهُ قَبْلَ أَنْ يُقْضَى مَا عَلَيْهِ أُخِذَ مِنْ خَطَايَاهُمْ فَطُرِحَتْ عَلَيْهِ، ثُمَّ طُرِحَ فِي النَّارِ».
“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?” යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විමසූහ. ඔවුහු ‘අප අතර බංකොලොත්කරු වන්නේ දිර්හම් හෝ වස්තුව නොමැති අය වේ’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත්කරු වන්නේ කෙනෙක් සලාතය, උපවාසය හා සකාත් වැනි යහ ක්‍රියාවන් සමග පැමිණිය ද ඒ සමගම ඔහු කෙනෙකුට දොස් නඟා බැන වැද, ඔහුගේ මාන්‍ය කෙළෙසන පරිදි ඔහු ගැන අවලාද නගා, ඔහුගේ ධනය සූරා කා පැහැර ගෙන, ඔහුගේ රුධිරය හළා ඔහුට අපරාධ කර, ඔහුට පහර දී අවමානයට පත් කර තත්ත්වයේ පැමිණෙන පුද්ගලයා ය. එවිට අපරාධ කළ තැනැත්තාගේ යහපත ගෙන අගතියට පත් වූ තැනැත්තාට පිරිනමනු ලැබේ. මොහුට තීන්දු දීමට පෙර ඔහුගේ යහපත අවසන් වූ විට අගතියට පත් වූ අයගේ වැරදි ගෙන අපරාධකරුගේ වාර්තාව තුළට ඇතුළත් කරනු ලැබේ. පසුව ඔහුට යහකම් නැති වූ තත්ත්වයේ ඔහු අපා ගින්නට විසි කරනු ලැබේ.
තහනම් කරුණු අතරට වැටීම ගැන අනතුරු ඇඟවීම. විශේෂයෙන්ම භෞතික වශයෙන් හා ආධ්‍යාත්මික වශයෙන් දේව ගැතියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව බැඳුණු කටයුතු වලදී සැළකිලිමත් විය යුතුය.
මැවීම් අතර කටයුතු පදනම් වී ඇත්තේ මතභේද මතය. ආදේශ කිරීම හැර මැවුම්කරුගේ සෙසු කටයුතු පදනම් වී ඇත්තේ සමාව මතය.
විශේෂයෙන්ම අධ්‍යාපනය සහ මඟ පෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රාවකයා උද්දීපනය කරන, ඔහුගේ අවධානය යොමු කරන සහ ඔහුගේ උනන්දුව අවදි කරන සංවාද ක්‍රමයක් භාවිතා කිරීම.
සැබෑ බංකොලොත්කරු කවුරුන්දැයි පැහැදිලි කිරීම. නැවත නැගිටුවනු ලබන දිනයේදී ඔහුගේ ණය හිමියන් විසින් යහපත් ක්‍රියාවන් පැහැර ගනු ඇත.
යහපත් ක්‍රියාවන් කිසිවක් ඉතිරි නොවන තරමට මරණින් මතු ජීවිතයේදී සමප්‍රතිචාරය පිහිටනු ඇත.
අල්ලාහ් තම මැවීම් සමග කටයුතු කිරීමේ දී සත්‍යය හා යුක්තිය මත පදනම්ව කටයුතු කරයි.
සහීහ් මුස්ලිම් (4/ 1997) (2581).
තවත් බලන්න (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 312).
نزهة المتقين شرح رياض الصالحين.
مجموعة من الباحثين (1/ 241).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 527).
පොත්වල උපුටා දක්වා ඇත
6 පොත්තවත් බලන්න (6)
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«إِنَّ المُفْلِسَ مِنْ أُمَّتِي يَأْتِي يَوْمَ القِيَامَةِ بِصَلاةٍ وَصِيَامٍ وَزَكَاةٍ، وَيَأْتِي قَدْ شَتَمَ هَذَا، وَقَذَفَ هَذَا، وَأَكَلَ مَالَ هَذَا، وَسَفَكَ دَمَ هَذَا، وَضَرَبَ هَذَا؛ فَيُعْطَى هَذَا مِنْ حَسَنَاتِهِ، وَهَذَا مِنْ
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«إِنَّ الْمُفْلِسَ مِنْ أُمَّتِي مَنْ يَأْتِي يَوْمَ الْقِيَامَةِ بِصَلاةٍ وَصِيَامٍ وَزَكَاةٍ، وَيَأْتِي قَدْ شَتَمَ هذَا، وَقَذَفَ هذَا، وَأَكَلَ مَالَ هذَا، وسَفَكَ دَمَ هذَا، وَضَرَبَ هذا، فَيُعْطَىٰ هذَا مِنْ حَسَنَاتِهِ، وَهذَا مِنْ ح
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«أَتَدْرُونَ مَنِ المُفْلِس؟ "قَالُوا: المُفْلِسُ فِينَا مَنْ لَا دِرْهَمَ لَهُ وَلَا مَتَاعَ، فَقَالَ: إِنَّ المُفْلِسَ مِنْ أُمَّتِي يَأْتِي يَوْمَ القِيَامَةِ بِصَلَاةٍ، وَصِيَامٍ، وَزَكَاةٍ، وَيَأْتِي قَدْ شَتَمَ هَذَا، وَقَذَفَ هَذَا،
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«أَتَدْرُونَ مَا المُفْلِسُ؟» قَالُوا: المُفْلِسُ فِينَا مَنْ لَا دِرْهَمَ لَهُ وَلَا مَتَاعَ، فَقَالَ: «إِنَّ المُفْلِسَ مِنْ أُمَّتِي يَأْتِي يَوْمَ القِيَامَةِ بِصَلَاةٍ، وَصِيَامٍ، وَزَكَاةٍ، وَيَأْتِي قَدْ شَتَمَ هَذَا، وَقَذَفَ هَذَا،
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«أَتَدْرُونَ مَا المُفْلِسُ؟». قَالُوا: الْمُفْلِسُ فِينَا مَنْ لَا دِرْهَمَ لَهُ وَلَا مَتَاعَ. فَقَالَ: «إِنَّ الْمُفْلِسَ مِنْ أُمَّتِي يَأْتِي يَوْمَ الْقِيَامَةِ بِصَلَاةٍ، وَصِيَامٍ، وَزَكَاةٍ، وَيَأْتِي قَدْ شَتَمَ هَذَا، وَقَذَفَ هَ
- نبراس طالب (4)1«أَتَدْرُونَ مَا الْمُفْلِسُ؟» قَالُوا: الْمُفْلِسُ فِينَا مَنْ لَا دِرْهَمَ لَهُ وَلَا مَتَاعَ. فَقَالَ ﷺ : «إِنَّ الْمُفْلِسَ مِنْ أُمَّتِي يَأْتِي يَوْمَ الْقِيَامَةِ بِصَلَاةٍ وَصِيَامٍ وَزَكَاةٍ، وَيَأْتِي قَدْ شَتَمَ هَذَا، وَقَذَفَ ه